සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් දිනකට ආසාදිතයන් 8000-10,000 වාර්තා වීමේ අවදානමක්

0
46

කොවිඩ් – 19 මර්දන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ස්වයං විනයකින් තොරව තවදුරටත් ජනතාව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8000ක්, 10,000ක් වාර්තා වීමේ අවදානමක් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.   දිනකදී දැනට වාර්තා වන ආසාදිතයකු පුද්ගලයන් හතරදෙනකුට මේ වයිරසය ව්‍යාප්ත කළහොත් සහ ජනතාව වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳ නොසැලකිල්ලෙන් කටයුතු කළ හොත් මේ ඉලක්කම් වාර්තා විය හැකි බව ද ඇමැතිවරිය පැවසුවාය.

කොවිඩ් ව්‍යාප්තය රට තුළ පාලනය කිරීමේ හැකියාව තවමත් තිබෙන බවත් ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන තුළදී එය ගිලිහී යාමේ අවදානමක් පවතින බවත් ඇමැතිවරිය කියා සිටියාය.

අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසෙන් බැහැරට නොයාම, නිවසෙන් බැහැරට යන විට මුව ආවරණ නිසි ලෙස පැළඳීම, පුද්ගලයන් අතර දුරස්ථභාවය තබා ගැනීම, සෙනඟ රැස් වන ස්ථානයන්ට නොයාම යනාදි කාරණ නිසි ලෙස අනුගමනය කිරීමෙන් වයිරසය ආසාදනය වීමෙන් වැළකී සිටිය හැකි බව ද ඇමැතිවරිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here