Home දේශීය පුවත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස නොපිළිපැදීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්

සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස නොපිළිපැදීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්

by Hela news

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කිසියම් ආකාරයකට කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේදී සිදු වන අතපසුවීම් නිසා මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ආරක්ෂා කරන්නේ නම් මෙම තත්ත්වය මඟහැර ගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ සහ තෝරා ගත් ස්ථානවල අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කරන බවද හෙතෙම පැවසීය.

පුද්ගල ඒකාරාශී වීම්, ආයතන තුළ පවත්වන උත්සව හා රැස්වීම් යනාදිය හේතුවෙන් කොවිඩ් අවදානමක් මතුව ඇතැයිද, එවැනි කටයුතුවලින් හැකි තරම් ඈත්ව සිටිය යුතු යැයි ද ඔහු කියා සිටියේය. කොවිඩ් මර්දනය සඳහා ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට සයිනොෆාම් තෙවැනි මාත්‍රාව ඉදිරියේදී දීමට පියවර ගන්නා බවත් ඒ සඳහා නිර්දේශ ගත් වහාම අදාළ එන්නත් මාත්‍රාව ජනතාවට දෙන බවත් ඔහු කීය.

0 comment
0

Related Posts

Leave a Comment