Home විදෙස් පුවත් සෝමාලියාවේ ජනාධිපති මන්දිරය අසල බෝම්බ පිපිරීමක්

සෝමාලියාවේ ජනාධිපති මන්දිරය අසල බෝම්බ පිපිරීමක්

by Hela news

සෝමාලියාවේ ජනාධිපති මන්දිරය අසල ආරක්ෂක මුරපොළක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

මොගෂිඩු අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය අසල එලෙස අල්ශබාබ් සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මන්දිරය වෙත පැමිණෙමින් සිටි සෝමාලියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ඉලක්ක කරගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කළ බවය.

මියගිය අයගෙන් වැඩි පිරිසක් හමුදා සාමාජිකයින් වන අතර ප්‍රහාරයෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ප්‍රහාරයෙන් ජනාධිපති මන්දිරය අසල නවතා තිබූ වාහන රැසකට මෙන්ම ගොඩනැගිලිවලට ද හානි සිදුවී තිබේ.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවද එරට බලධාරීන් පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment