Home කාලීන පුවත් සේවකයා රාජකාරිය සම්පූර්ණ කළාදැයි තීරණය කිරීම හාම්පුතාගේ අයිතියක්

සේවකයා රාජකාරිය සම්පූර්ණ කළාදැයි තීරණය කිරීම හාම්පුතාගේ අයිතියක්

by Hela news

දෛනික රාජකාරී වේලාවේදී සේවකයකුගේ රාජකාරිය සම්පූර්ණ කළාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම සේවකයාට නොව හාම්පුතාට අයත් කාරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

රාජකාරි වේලාව තුළ නින්දට යෑම හේතුවෙන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙන ලද කම්කරු ආරවුලක් පිළිබඳ අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කළේය.

තම රාජකාරි කරන අවස්ථාවේදී නිදා ගන්නා ලදැයි චෝදනා මත සේවයෙන් පහකළ බේරුවල ප්‍රදේශයේ හෝටලයක කෝකියකු වූ සූරියආරච්චිගේ රාජු මහතා විසින් මේ අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් බේරුවල බාබේරියන් රීෆ් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය නම් කරනු ලැබ තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ , ගාමිණී අමරසේකර මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා විසින් ඉකුත් 06 වැනිදා නඩු තීන්දුව ප්‍රකාශිත විය. මේ සිද්ධිය වූ දින පෙත්සම්කරු සේවයට නොපැමිණි බව පූර්ව දැනුම්දීමක් කර නැත.මේ හේතුවෙන් වෙනත් පුද්ගලයකු එම ස්ථානයට යොදා ගැනීමට මුළුතැන්ගෙයි කළමනාකාරීත්වය අපොහොසත් වී තිබේ.එබැවින් නියමිත වේලාවට හෝටලයේ දහවල් ආහාර වේල් සැකසීමට බාධා එල්ල වී ඇති බව අධිකරණයේ මතයයි.

ඒ අනුව පෙත්සම්කරුගේ අභියාචනය නිෂ්ප්‍රභා කරන බවද , එහෙත් ඔහු හෝටලයේ සේවය කළ කාලය තුළ ඔහුට හිමි විය යුතු සියලු දීමනා ඔහුට ලැබිය යුතු බවටද නියෝග කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

0 comment
0

Related Posts

Leave a Comment