Home දේශීය පුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න A-30 ප්‍රභේදය භයානකයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න A-30 ප්‍රභේදය භයානකයි

by Hela news

ෆයිසර්-ඇස්ට්‍රාසෙනෙකාවලට ඔරොත්තු දෙන්නේ නෑ

රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

කොවිඩ් මර්දන ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලටත් ඔරොත්තු නොදෙන ඒ. 30 නමැති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇති බවත් එම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් විශාල ගැටලුවකට මහජනතාවට මුහුණ දීමට සිදු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් අමතක කරමින් ජනතාව හැසිරුණොත් එහි අනිසි ප්‍රතිඵල ඉදිරි සති හතරක පමණ කාලයක් තුළදී දැක ගත හැකි වෙතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන ස්ථාන වෙතොත් එම ස්ථානයන්හිදී අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට පියවර ගත යුතු බවත් එසේ වුවහොත් කුමන ප්‍රභේදයක් පැමිණියත් ජනතාවට ආරක්ෂා විය හැකි බවත් ඇමැතිවරයා කීය

0 comment
0

Related Posts

Leave a Comment