Home දේශීය පුවත් සෙලාන් බැංකුවට කෝටි 9.66ක් ගෙවීමට භාණ්ඩාගාර ලේකම්ට නියෝග

සෙලාන් බැංකුවට කෝටි 9.66ක් ගෙවීමට භාණ්ඩාගාර ලේකම්ට නියෝග

by Hela news

2011දී සෙලින්කෝ දේපොළ උගස් කර ණයක් අරගෙන

භාණ්ඩාගාර ලේකම්වරයාගේ පාලනය යටතේ තිබූ සෙලින්කෝ දේපළ උගසට තබා ලබා ගත් ණයක් වෙනුවෙන් නොගෙවා පැහැර හැර තිබූ කෝටි 9.66 මුදලක් සෙලාන් බැංකුවට ගෙවන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයාට සහ වන්දි විනිශ්චය සභාවට නියෝග කරමින් අභියාචනාධිකරණය මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කළේය.

එම දේපොළ උගසට තබා ලබා ගත් උකස් ණය ගෙවීම පැහැර හැරීම වෙනුවෙන් හිමි විය යුතු වන්දි ඉල්ලා සෙලාන් බැංකුව ගොනු කර තිබූ මේ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් කර තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මේ රිට් ආඥාව නිකුත් කළේය.

මෙහොමඩ් ලෆාර් සහ කේ. කේ. ඒ. වී. ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් දෙන ලද තීන්දුවෙහි මෙසේද සඳහන් වේ.

2011 අංක 43 දරන ඌන වත්කම් පනතේ විධි විධාන අනුව සෙලින්කෝ දේපොළ පාලන බලය භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පැවරුණු අතර, එහි පාලන බලය සඳහා නිසි බලධරයකුද පත් කර තිබිණි.

නාගරික සංවර්ධන අධිකාරියට පැවරුණු මේ දේපොළ සෙලින්කෝ ලෝටස් ඉන්ටර්නැෂනල් සමාගමට බද්දට දෙන ලදි.

සෙලින්කෝ ලෝටස් ඉන්ටර්නැෂනල් නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඇතිව 2011 වසරේ දෙසැම්බර් 31දා එම දේපොළ සෙලාන් බැංකුවට උකසට තබමින් ණය මුදලක් ලබා ගත් අතර, එම සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් 3,410,654,094.65ක මුදලක් සෙලාන් බැංකුවට ගෙවිය යුතුව ඇත.

මේ මුදල අය කර දෙන ලෙස ඉල්ලා වන්දි විනිශ්චය සභාවට කළ පැමිණිල්ල පිළිබඳ විභාග කළ වන්දි විනිශ්චය සභාව සෙලාන් බැංකුවට වන්දි වශයෙන් රුපියල් 2,146,415,239.80ක මුදල ගෙවන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයාට මීට පෙර නියෝග කර තිබිණි.

0 comment
0

Related Posts

Leave a Comment