Home ව්‍යාපාර පුවත් සුළු – මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නංවන්න SLT-MOBITEL වෙතින් සේවා රැසක්

සුළු – මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නංවන්න SLT-MOBITEL වෙතින් සේවා රැසක්

by Hela news

සංජීව ජයමහ සාමාන්‍යාධිකාරී, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් ලැබෙන දායකත්වය අතිමහත්ය. එම නිසාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයේ දියුණුව උදෙසා හැකි සෑම පියවරක්ම ගත යුතුය. ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සහකරුවා වන SLT-MOBITEL ආයතනය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය. මේ නිසාම අපි SLT-MOBITEL ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයේ සාමාන්‍යාධිකාරි සංජීව ජයමහ මහතා සමඟ සාකච්ඡා කළේ, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් එම ආයතනය දියත් කරන සුවිශේෂි සේවා පිළිබඳ තොරතුරු දැන ගැනීමටයි.

 SLT-MOBITEL කියන්නේ සන්නිවේදන ජාලයක්. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් අංශයක්. මේ ක්ෂේත්‍ර දෙක එකට යා වෙන්නෙ කොහොම ද?

ජාතික සන්නිවේදන සහකරු විදියට SLT-MOBITEL ආයතනයට වගකීමක් තිබෙනවා, මේ රටට අවශ්‍ය සන්නිවේදන පහසුකම් ප්‍රවර්ධනය කිරීමට. අපේ රටේ ව්‍යාපාර අතරින් 90%ක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ වගේම මේ රටේ රැකියාවලින් 50%කටත් වඩා උත්පාදනය කර තිබෙන්නෙ ඔවුන්. නමුත් අන්තර්ජාතිකව සංසන්දනය කරද්දි අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය තිබෙන්නේ ඉතා අඩු මට්ටමක. රටේ සමස්ත අපනයනවලින් සුළු හා මධ්‍ය පරිමාණ අංශය නියෝජනය කරන්නේ 10%ක් වගේ සුළු ප්‍රතිශතයක් පමණයි. මේ නිසා අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීමට SLT-MOBITEL ආයතනයටත් සුවිශේෂ වගකීමක් තිබෙනවා. ඒ අනුව තමයි අපි මේ සේවාවන් ආරම්භ කළේ.

මේ දවස්වල ඩොලරය ඉහළ යෑමේ ගැටලුවටත් මේ මඟින් විසඳුම් ලැබෙනවා නේද?

ඇත්තටම ඔව්. තාක්ෂණික සේවාවන් වෙනුවෙන් පිටරටට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණය රට තුළම ඉතිරි කර ගැනීම ගැන ආණ්ඩුව අවධානය යොමු කරලා තිබෙනවා. ඒ සඳහා ඔවුන් විවිධ සහනයන් පවා දීලා තිබෙනවා. තාක්ෂණික ආයතනයක් විදියට මේ වෙනුවෙන් මැදිහත් වෙලා විසඳුම් දීමට අපි කටයුතු කරනවා. මේ දිනවල ආණ්ඩුව ‘ගමට සන්නිවේදනය‘ නමින් සුවිශේෂි වැඩසටහනක් දියත් කරනවා. එම වැඩසටහන සාර්ථක කර ගැනීමට SLT-MOBITEL ආයතනය උපරිම දායකත්වය දෙනවා. මෙවැනි ක්‍රමවේද තුළින් මේ රටින් පිටට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරමින්, රුපියල අවප්‍රමාණ වීම අවම කිරීම සඳහා අපි දායකත්වය දෙනවා කිව්වොත් මම නිවැරැදියි.

වර්තමානයේදී කොවිඩ් වසංගතය නිසා ව්‍යාපාරිකයන් බොහෝ අපහසුතාවන්ට පත් වුණා. මේ වකවානුවේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දුන් ගැටලු සඳහා SLT-MOBITEL ආයතනය දුන් විසඳුම් මොනවා ද?

මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා මුළු ලෝකයම පීඩා විඳිනවා. මේ නිසා ගොඩක් පීඩාවට පත් වුණු ව්‍යාපාරික කණ්ඩායම වුණේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කිව්වොත් නිවැරැදියි. ඇත්තටම මේ වෙලාවෙදි යම්කිසි මට්ටමකින් හෝ රැකුණේ නවීන තාක්ෂණය සමඟ බැඳී හිටපු ව්‍යාපාරයන් පමණයි. පවතින ගැටලුකාරි තත්ත්වයෙන් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුදාගෙන ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට නවීන තාක්ෂණික පහසුකම් ඔවුන්ට හඳුන්වා දීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. ඒ වෙනුවෙන් රටේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලය විදිහට SLT-MOBITEL ආයතනය උපරිම කැපවීමෙන් කටයුතු කරනවා.

මේ වසර ආරම්භයේදී SLT-MOBITEL ආයතනය හඳුන්වා දුන් ‘සිහිනයට සවියක්’ වැඩසටහන කොතරම් දුරට සාර්ථක ද?

ඉතාමත් සාර්ථකයි. පසුගිය වසර මුල් භාගයේදී කොවිඩ් නිසා මාස කිහිපයක් රට වසා තැබුවා. මේ අවස්ථාවෙදි රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්වුණා. SLT-MOBITEL ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ ප්‍රධානියා විදියට, පීඩාවට පත් ව්‍යවසායකයන් නඟාසිටුවීමේ අභියෝගය මටත් තදින්ම දැනුණා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවීම වෙනුවෙන් අපි ආරම්භ කරපු වැඩසටහන තමයි ‘සිහිනයට සවියක්’ කියන්නෙ. එහි දී අපි නවීන තාක්ෂණය අරගෙන ව්‍යාපාරිකයන් ළඟටම ගියා. ඒ වගේම සුවිශේෂි ප්‍රවර්ධන වැඩසටහනක් තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය සියලු තාක්ෂණික සේවාවන් ඉතාමත් පහසු මිලට වගේම, කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම යටතේත් දුන්නා. මේ වැඩසටහන යටතේ ව්‍යාපාරිකයන් 2000කට අධික පිරිසකට සේවා දීමට අපට හැකියාව ලැබුණා.

වර්තමානය වෙනකොට ශ්‍රී ලංකාව තුළ Online Marketing සංකල්පය ඉතාමත් දියුණු මට්ටමක පවතිනවා. මේ තත්ත්වය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ප්‍රයෝජනවත් වුණේ කොහොම ද?. ඒ සඳහා SLT-MOBITEL ක්‍රියාන්විතය කොයිතරම් ශක්තියක් වුණා ද?.

අද පවතින වාතාවරණය නිසා බොහෝ දෙනා Facebook, Whatsapp, Viber වගේ සමාජ මාධ්‍යයන් වැඩි වශයෙන් තම ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගන්නවා. එය ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. මේ රටේ සන්නිවේදන විශේෂඥයා විදියට එහි දී අපට ප්‍රධාන කාර්යභාරයන් දෙකක් පැවරී තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි මේ සඳහා අවශ්‍ය සම්බන්ධතා සහ අනිකුත් සේවාවන් ප්‍රවර්ධනය කිරීම. විශේෂයෙන්ම SLT Bizchat වැනි සේවා හරහා online marketingහි නිරත ව්‍යාපාරිකයන්ට පැය 24 පුරාම ඔවුන්ගේ සේවාදායකයන් හා සම්බන්ධ වන්න පුළුවන්. තරගකාරි ඩිජිටල් ලෝකයක් තුළ ජයග්‍රහණය කරා යන්න එය විශාල රුකුලක් වේවි. ඒ වගේම මේ සංකල්පය පිළිබඳ දැනුම හා අවබෝධය නැති ව්‍යාපාරිකයන්ට ඒ පිළිබඳ දැනුම දීම අපේ වගකීමක්. එහිදී අපි හඳුන්වා දීල තිබෙන 011 2389 389 දුරකතන අංකය සහ bizsolutions@slt.com.lk යන ඊමේල් ලිපිනය මඟින් ඔවුන්ගේ අවශ්‍යතාව අපට පැවසූ විට, අපගේ නියෝජිතයකු මාර්ගයෙන් ඔවුන්ට අවශ්‍ය උපදේශනයන් සහ සේවාවන් දීමට අපි කටයුතු කරනවා.

SLT සහ MOBITEL යන ආයතනවල එක්වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැබෙන වාසි මොනවා ද?

SLT සහ MOBITEL කියන්නෙ ආරම්භයේ පටන්ම එකිනෙක බැඳී තිබෙන ආයතන දෙකක්. මේ ආයතන දෙක එකතු වීමෙන් ගනුදෙනුකරුවන්ට අපගේ සියලු සේවාවන් එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ලැබෙනවා. ඒ වගේම අප ආයතන දෙකෙහිම තාක්ෂණය, නිෂ්පාදන හා සේවාවන් සියල්ලක්ම එක්ව ලබා දෙන නිසා පිරිවැය අවමයි. මේ නිසා ඉතාමත් සහනදායි මිලට ගුණාත්මක සේවාවන් රැසක් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගික ජනතාවට ලැබෙනවා. මම හිතන්නේ ඉදිරියේදිත් එය අපගේ පාරිභෝගික ජනතාවට ඉතා වාසි දායක වේවි.

SLT-MOBITEL ආයතනයේ ඉදිරි අරමුණු පිළිබඳව කතා කළොත්?

SLT Fibre තාක්ෂණය ගමට ගෙන යෑම අපගේ ප්‍රධානතම අරමුණක්. ඉදිරියේ දී ඉතා ඈත ගම්මානවලට පවා මේ තාක්ෂණය හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ වෙළෙඳපොළ සොයා ගැනීමටත් අපි සහයෝගය දෙනවා. ඒ වෙනුවෙන් අපි helaviru.lk නමින් e-commerce සේවාවක් ආරම්භ කළා. එහිදී ගොවියන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට වගේම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට එම නිෂ්පාදන මිලදී ගැනීමටත් ක්‍රමවේදයක් අපි හඳුන්වලා දීලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී විකුණුම්කරුවන් බඳවා ගැනීමටත් අපි සුවිශේෂී e – commerce සේවාවක් හඳුන්වා දීමට කටයුතු කරනවා. ඊට අමතරව මේ වෙනකොට දත්ත ගබඩා කිරීම ආදි Cloud Services වෙනුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යන බව අපි හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා විසඳුමක් විදියට අපටම ආවේණික Cloud Service ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සේවාවන් රාශියක් මඟින් ඉදිරියේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවීම වෙනුවෙන් අප කැප වෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment