Home කාලීන පුවත් සුනිල් ගැන අදහසක්

සුනිල් ගැන අදහසක්

by Hela news

සම්මානනීය ජනප්‍රිය ප්‍රවීණ ගායක එච්.ආර්.ජෝතිපාල මිය ගිය පසු ඔහුගේ ගුණ ගායනා කරන්න සමාජයේ ලොකු කතිකාවන් ඇති විය. ඒ ඔහු ජීවත්ව සිටියදී දැඩිව විවේචන කළ ආචාර්යවරු මහාචාර්යවරුන් කිඹුල් කඳුළු සලමිනි. යළිත් එවැනි රටේ කතිකාවක් ඇති වන්න පටන්ගෙන ඇත. ඒ ගායකයෙකු වශයෙන් රටේ පොදු ජනතාවගේ ආදරයට පාත්‍ර වූ සුනිල් පෙරේරා වේග රිද්මයේ ගීතවලට නව රටාවක් හඳුන්වාදුන් ශිල්පියකු ලෙසිනි.

ගායනයත් රංගනයත් එකට මුසු වූ ශිල්පීන් ශ්‍රී ලංකාවේ ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකි. එලෙස පිහිටන්නේ ද ඉතා කලාතුරකිනි. අතීතයේදී එඩී ජයමාන්න ද පසු කාලීනව ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ප්‍රෙඩී සිල්වා ද මේ කාර්යන් දෙකම සම තත්ත්වයක තබාගෙන තමන්ගේ ශිල්ප හරඹය හරහා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත්හ.

එවැනි වූ සුන්දර මිනිසෙකි සුනිල් පෙරේරා ඔහු තමන්ගේම කියා වෙනසක් සමඟ අලුත්ම ගමනක් 1980 දශකයේ ආරම්භ කළ ශිල්පියෙකි. ගායකයකු ලෙස ඔහු ආරම්භ කළ මෙම ගමන ලොකු අභියෝගයකට මුල පිරීමක් විය. විචාරකයන් විසින් ලොකු වෙඩිල්ලක් ඔහුගේ ගීතවලට එල්ල කළහ. ඔහු ඒ විචාර පිළිගත්තේ සිනහ මුසු වූ ලෙසිනි. ඔවුන් සමඟ වාද විවාද සඳහා ගියේ නැත. ඒ ඔහු රැගෙන ආ ගමන් ම‍ඟේ හොඳ නරක එකට මිශ්‍ර වූ අපූර්ව සංකලනයක් ලෙස අද දක්නට පුළුවන.

‘ජිප්සීස්’ නමින් හැඳින් වූ ඔහුගේ මේ ගමනට අද වන විට වසර 52ක් එහා ගිය ගමනකි. කාලයක් සුනිල්ගේ ගීත ජෝතිපාලගේ මෙන් ගුවන් විදුලියේ ද තහනමට ලක් වූ කාලයක් විය. ඒත් එය හරියට රබර් බෝලය වතුරේ යටකරගෙන සිටියා හා සමාන විය. සියලු දැහැන් බිඳගෙන ජනතාව ඉදිරියේ සෑම එළිමහන් වේදිකාවක ගී ගැයීය. එවැනි වූ අධිෂ්ඨාන ශීලි ශක්තිමත් මිනිසෙක් විය. සියලු ප්‍රේක්ෂක හා තම ශිල්පින් සමඟ සිනාමුසු මුහුණින් තම කාර්ය ඉටු කර ගත්සුනිල් ඔහු සමඟ සිටි සෑම දෙනාටම ඔහුගෙන් ඉටු විය යුතු යුතුකම් ඉෂ්ඨ කළ පුද්ගලයෙකි. වේදිකාවේ වැඩිම මුදලක් අය කළ සංගීත කණ්ඩායම් අතර පෙරමුණේ සිටියේ ඔහුගේ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමය. සංගීත කණ්ඩායමේ ඔවුන්ගේ කියා වෙනම අනන්‍යතාවයක් පවත්වාගෙන ගියහ. විශේෂයෙන් ‘ජිප්සීස්’ කණ්ඩායමේ නායක හිස පැලඳි තොප්පියයි. එළිමහන් වේදිකාව තුළ දක්වන ශිල්ප හරඹවලට පරිබාහිර වූ ක්‍රමයක් ගෘහස්ථ වේදිකාවේදි ඔවුන් විසින් දැක්වූයේ ඒ නිසාය. කුඩා දරුවාගේ සිට සෑම වයස් කණ්ඩායමකටම විඳිය හැකි ගීත නිර්මාණ ඔහු අතින් බිහි විය. පෙරදිග අපරදිග සංගීත මිශ්‍රණයන් ඔහුගේ සෑම ගීතයකම මුසුකොට තිබීමත් තවත් විශේෂයකි.

සුනිල් පෙරේරාගේ සොහොයුරන් අතරින් පියල් පෙරේරා සුනිල් සමඟ ගායන ලොවේ පෙරට ආ නිසා ඔවුන් දෙදෙනා ‘ජිප්සීස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයන් බවට බෞතිස්ම කර ගත්තේය. මේ සෑම දෙනාම පිටුපස සිට ඔවුන් මෙහෙය වූ දැවැන්ත හස්තය මෙන්ම සෙවණැල්ල වූයේ ඔවුන්ගේ දයාබර පියාණන්ය. ඔවුන් පියාට කළ ලොකුම ගෞරවය ලෙස ‘තාත්තා මට ඇනපු ටොක්ක’ ගීතය සිය පියාණන් හට දායාද කළේ මේ නිසාය.

සුනිල්ගේ ගීත අතරින් කාගෙත් මුව රැන්දු ගීතයක් ලෙස ජනප්‍රිය වූ ගීතයක් වූයේ ‘පාවෙන පීරිසියක් උඩ නැගලා’ ගීතයයි. එවකට මේ ගීතය ද ගුවන් විදුලියේ සුනිල්ගේ තහනම් ගීත ගොඩට ඇතුළත් වූ ගීතයක් විය. එහි ආ වචන නිසා මෙය තහනම් විය. ඒ වගේම වෙනත් ගීතවලට වඩා වැඩි වේලාවක් ගායනය වන දීර්ඝ ගීතයකි. මෙය ගුවන් විදුලියේ විකාශනයට අවසර ලැබුණේ ගීතයේ බොහෝ ස්ථාන කපා හරිමිනි. අදත් එම ගීතයේ සම්පූර්ණ ගීය විකාශනය නොවේ.

සමාජයේ ඇති බොහෝ දේවල් සුනිල්ගේ ගීතවල ඇති ඉලක්කය වේ. මෙය ඔහු ගෙන ආවේ යම් හාස්‍යයක් එක්කොට ගෙනය. ගීත රචකයින් හරහා ගීත ලිවීමේදී යම් සැහැල්ලු වූ වචන සඳහා වැඩි ඉඩකඩක් ලබා දෙන්නේ මේ නිසාය. පොදු ජනතාව වෙනුවෙන් ඔහු වේදිකාවේ ගීත ගැයූවත් විචාරකයින්ගේ ගල්මුල්වලට යොමු වූයේ ‘මම දුන්නේ කිස් එකයි…’ වැනි ගීත උපයෝගි කරගෙනය. ඔහුගේ සංගීත දිවියේ මුලින්ම බටහිර ගීතවලට පමණක් සීමා වී සිට ඔහු පසුව ගැයූ ඔබ දුටු ඒ මුල් දිනේ, වඩු වැඩෙන්, බොමු අපි කොත්තමල්ලි, ඕවත් වැඩද, මම නම් ග‍ඟේ පනිනවා, ළිඳ ළඟ සංගමය, ඕයේ ඔජායේ, නෝනෙ මගේ, පිටි කොටපන් ‍නෝනේ, ලොවේ සැමා, පාවෙන පීරිසියක්, රළ ගෙඩි ගලාලා, ලුනු දෙහි වැනි ගීත සුනිල් පෙරේරා ගායකයකු ලෙස ඉදිරියට ගෙන ගියේය. ගීත රචනා කළ අය ලෙස චන්ද්‍ර දේවමිත්‍ර, මැක්සි ජයවීර පෙරමුණේ සිටී.

‘ජිප්සීස්’ කණ්ඩායම කැසට් තුළින් තවත් වාර්තාවක් තබා ඇත. ඒ ඔවුන් විසින් තිළිණ කළ ‘ලුණු දෙහි’ සොමිය ‘සලාදය’ වැනි කැසට් සීඩී හරහාය. එය එවකට වෙළඳපොළේ හොඳ ඉල්ලුම් ඇති කරවීය.

සුනිල් ගායනයට මෙන්ම රංගන කාර්ය සඳහා ද අත තැබීම අගය කළ යුතුය. මෙය හාස්‍යමය ලෙසින් ඉදිරිපත් කිරීමට වග බලා ගත්තේය. ඔහු ගැයූ බොහෝ ගීත සඳහා ඔහු විසින්ම සිය රංගන දායකත්වය ප්‍රේක්ෂකයින්ට දුන් ආකාරය ඉතා ප්‍රශංසනීයය. ඒ අතරින් පැරදී ඇති මන්ත්‍රීතුමා ද ඔජායේ ගීතය, ලුණු දෙහි, නෝනෙ මගෙ, හා තවත් ගීත සඳහා රංගනය ඉදිරිපත් කළේය. මෙම කාර්ය නිසා ඔහුට චිත්‍රපට කිහිපයක ද රඟපෑමට අවස්ථාව ලැබිණි. ‘හායි හූයි බබි ආච්චි’ , ‘ලීඩර්’ ඇතුළු චිත්‍රපට ගණනාවකට රඟපෑමෙන් එක්විය. රූපවාහිණි ළමා ටෙලි නාට්‍ය සඳහා පසුබිම් ගායනයෙන් ද චිත්‍රපට පසුබිම් ගායනයෙන් ද සුනිල් දායක විය.

ඔහුගේ අකල් මරණය එච්.එස්.ප්‍රනාන්දුගේ ආභාසයෙන් පැමිණ තවත් පුරුකක් සංගීත ක්ෂේත්‍රයට අහිමිවීම අභාග්‍යයකි. මෙතැන් සිට පියල් පෙරේරා සමඟ මේ ගමන ‘ජිප්සීස්’ නමින් ඉදිරියට යා යුතුය. සුනිල් පෙරේරා ඔබට මොක් සුව

0 comment
0

Related Posts

Leave a Comment