Home විදෙස් පුවත් සුඩාන උද්ඝෝෂකයින්ට හමුදාවෙන් වෙඩි ප්‍රහාර

සුඩාන උද්ඝෝෂකයින්ට හමුදාවෙන් වෙඩි ප්‍රහාර

by Hela news

සුඩානයේ හමුදා කුමන්ත්‍රණය අතරතුර සිදුවූ විරෝධතාවලදී පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ.

හමුදා සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුමන්ත්‍රණයකින් සුඩානයේ පාලන බලය අත්පත් කරගත් හමුදාව, පැවති සිවිල් රජය විසුරුවාහැරීමත් සමග ජනතාව වීථිවලට අවතීර්ණ විය.

කාර්ටුම් අගනුවර වීථි අවහිර කරමින් සහ ටයර් ගිනිතබමින් විරෝධතා සිදුකර ඇත.

විරෝධතාකරුවන් විසුරුවාහැරීමට හමුදාව වෙඩි තබා ඇති බවඅ විදෙස් වාර්තා පැවසුවේය.

හමුදා සාමාජිකයන් ගෙයින් ගෙට ගොස් විරෝධතා සංවිධාන කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සුඩාන හමුදා කුමන්ත්‍රණය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, එය මුල් කරගෙන අමෙරිකාව සුඩානයට ලබාදෙන ඩොලර් මිලියන 700ක ආධාර මුදලක්ද අත්හිටුවා ඇති බව සඳහන් වේ.

0 comment
0

Related Posts

Leave a Comment