සාර්ථක එන්නත්කරණ වැඩසටහන්වලින් පසුව කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ලොව පුරා රටවල් පියවර ගනිමින් සිටි.
ඒ අනුව එංගලන්තය ද එවැනි පියවරක් ගැනීමට සූදානම් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගමැති බොරිස් ජොන්සන් අද ඊට අදාළ සැලසුම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.
ඒ අනුව මාර්තු 8 වනදා සිට පාසල් යළි විවෘත වනු ඇත.
එක්සත් රාජධානිය තුළ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට එන්නත ලබා දී අවසන් බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා තිබේ.
කෙසේ වෙතත් පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ගුරුවරුන්ට එන්නත ලබාදිය යුතු බවට ඉදිරිපත් වූ ඉල්ලීම් ඔහු ප්රතික්ෂේපකර තිබුණි.
මේ අතර කොවිඩ් යළි උත්සන්න වෙමින් පවතින ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.