Home දේශීය පුවත් සීමාවාසික වෛද්‍යවරුන් 1401කට පත්වීම්

සීමාවාසික වෛද්‍යවරුන් 1401කට පත්වීම්

by Hela news

සීමාවාසික වෛද්‍යවරුන් 1,401කට පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් ඊයේ (25) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.

විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මෙම නිලධාරීන් රට පුරා රෝහල් 64කට අනුයුක්ත කිරීම සිදු කෙරේ. නිල වශයෙන් මෙහිදී සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කළ අතර, රටේ විවිධ ප්‍රදේශවල සිටින අනෙකුත් පත්වීම්ලාභීහු මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

මේ අතර, ජුනි මාසයේ දීද සීමාවාසික පත්වීම් 318ක් ලබා දුන් අතර, ඒ අනුව මෙම වසර තුළ එවැනි පත්වීම් 1,719ක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊයේ ලබා දුන් පත්වීම් අතර 1,066ක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය සිසුන් වන අතර, 335ක් විදෙස් විශ්ව විද්‍යාලයන් හි වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූවන් වේ. වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියකට ලක් කරන අතර, අනතුරුව මෙරට වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඔවුන්ට පවතියි.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1,505 ක් සඳහා වෛද්‍ය නිලධාරී පත්වීම් ලබා දීමද පසුගියදා (22) සිදු කළ අතර, එම වෛද්‍යවරුන් මෙරට ග්‍රාමීය හා පර්යන්ත රෝහල් කරා අනුයුක්ත කෙරිණි. මේ වන විට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ 22,000ක පමණ වෛද්‍යවරුන් පිරිසක් සිටින අතර, සෑම වසරකම 1,900 – 2,000 අතර වෛද්‍යවරුන් පිරිසක් වෛද්‍ය ක්ෂේත්‍රයට එක්වේ. එමෙන්ම වාර්ෂිකව 500කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් විශ්‍රාම ගැනීම හෝ විදෙස්ගත වීම සිදු වේ.

0 comment
0

Related Posts

Leave a Comment