Home දේශීය පුවත් සීනි-පරිප්පු කුකුළු මස්-අර්තාපල් පාලන මිල ඉවතට

සීනි-පරිප්පු කුකුළු මස්-අර්තාපල් පාලන මිල ඉවතට

by Hela news

සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරේදා (3) සිට බලපැවැත්වෙන පරිදි මේ මිල පාලනය ඉවත් කර ඇති අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍ර 7ක් මේ නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව සඳහන්ය.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 2 දා සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය 2020 වර්ෂයේ මාර්තු 17 දා මයිසූර් පරිප්පු, බී ලූනු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය, බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 දා නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබූ උපරිම සිල්ලර මිලද ඉවත් වන අතර, එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රයද අවලංගු කර තිබේ. කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් 2017 වසරේ දෙසැම්බර් 6 දා ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රය, එම වර්ෂයේ ජනවාරි 27 දා වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය, 2016 වර්ෂයේ ජූලි මස 14 දා කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබූ ගැසට් පත්‍රය මෙන්ම මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රයද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

0 comment
0

Related Posts

Leave a Comment