Home උණුසුම් පුවත් සිරිල් ගාමිණී පියතුමා අදත් CID වෙතට

සිරිල් ගාමිණී පියතුමා අදත් CID වෙතට

by Hela news

විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමා අද (16)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වෙයි. ඊයේ (15) ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැමිණි පියතුමන්ගෙන් පැය 8කට ආසන්න කාලක් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවිය මෙලෙස ප්‍රකාශ ගැනීමට හේතුව ලෙස වාර්තා වෙන්නේ පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇතැයි සිදු කළ ආන්දොලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙනි තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පියතුමන්ව අද උදෑසනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට ගරු සිරිල් ගාමිණි පියතුමන් ඉකුත් ඔක්තෝබර් 23 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදි ප්‍රකාශයක් කර තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment