Home දේශීය පුවත් සිරිල් ගාමිණි පියතුමා ගැන අධිකරණයට පැමිණිලි කරන්න නියෝග

සිරිල් ගාමිණි පියතුමා ගැන අධිකරණයට පැමිණිලි කරන්න නියෝග

by Hela news

රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කළ පැමිණීල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණීමෙන් රජයේ නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (05) නියෝග කළේය.

අදාළ පැමිණීල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කුරණ, මීගමුව, ශාන්ත ආනා දෙව්මැදුර භාර සිරිල් ගාමිණී පියතුමාට දෙවතාවක් පැමිණීමට දැනුම් දුන්නද ඔහු නොපැමිණී බවත්, එය ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ 1979 අංක 19 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 109 (6) වගන්ති ප්‍රකාරවය.

ඒ අනුව, සිරිල් ගාමිණී පියතුමා රාජ්‍ය නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් නොකළේ මන්දැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් තමන් අපකීර්තියට පත්කිරීමේ අරමුණීන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණීල්ලට අදාළව ඉදිරිපත් වූ මෝසන් පත්‍රයකට අනුව (05) මෙම කරුණු ඉදිරිපත් විණී.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 25 වැනිදාය.

0 comment
0

Related Posts

Leave a Comment