Home උණුසුම් පුවත් සිරිල් ගාමිණි පියතුමා අද CIDයට

සිරිල් ගාමිණි පියතුමා අද CIDයට

by Hela news

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඔහුට අද උදෑසන 10ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිතය.

ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පසුගිය මාසයේ දී එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස පියතුමන්ට දැනුම් දුනි.

කෙසේවෙතත් අවස්ථා කිහිපයක දී ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පසුගිය 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකළේය.

පසුගිය 08 වනදා එම නඩුව සලකා බැලු අතර නීතිපතිවරයා දැනුම් දී තිබුණේ සිරිල් ගාමිණි පියතුමන්ව මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බවය.

0 comment
0

Related Posts

Leave a Comment