Home දේශීය පුවත් සිමෙන්ති හිඟයට සති දෙකකින් විසඳුම්

සිමෙන්ති හිඟයට සති දෙකකින් විසඳුම්

by Hela news

ඇමැති බැසිල් පවසයි

සිමෙන්ති හිඟයට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම් දෙන බවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහතික වෙයි. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාකදී මේ බව අනාවරණය විය.

සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලට මේ වන විට දැඩි බාධා එල්ල වී ඇති බවට ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ නියැළෙන පිරිස් මෙහිදී පෙන්වා දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඇමැතිවරයා මෙම තීරණයට එළඹ තිබේ.

ආනයනකරුවන් දෙදෙනකුට සිමෙන්ති ගෙන්වීම සඳහා මේ වන විට අවසර දී තිබෙන අතර, ඒ අනුව ඉදිරි 15, 20 දිනයන් වන විට මේ රටේ පවතින සිමෙන්ති හිඟය අවසන් වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. ඇතැම් සිමෙන්ති සමාගම් මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,375කට අලෙවි කරන බවට වාර්තා වන අතර මෙරටට සිමෙන්ති ආනයනය කරන ඉන්දියානු සමාගමක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,384ට අලෙවි කිරීමට තීරණය කිරීමත් සමඟ දේශීය සිමෙන්ති නිෂ්පාදන සමාගම්ද මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment