Home කාලීන පුවත් සිංහරාජ වනයට හානි නොකර එක් ගසක් හෝ නොකපා ලංකාගම-නෙළුව මාර්ගය තනයි

සිංහරාජ වනයට හානි නොකර එක් ගසක් හෝ නොකපා ලංකාගම-නෙළුව මාර්ගය තනයි

by Hela news

සිංහරාජ වනාන්තරයේ පරිසර පද්ධතියට හානි නොවන අයුරින් ඉදි කළ ලංකාගම නෙළුව මාර්ගයේ වැඩ කටයුතු මේ වන විට සියයට 98ක් අවසන් කර ඇති බව හා එම මාර්ගය නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීමට අදහස් කරන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටී.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ලංකාගම – නෙළුව මාර්ගයේ වත්මන් තත්වය පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය. “විපක්ෂය ප්‍රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරී දේශපාලන පක්ෂ ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය හදන්න පටන් ගත් දා සිට ඊට විරුද්ධව කතා කළා. ඔවුන් කිසිම කෙනෙක් මේ මාර්ගය හදනකොට හොඳක් කිවුවේ නෑ. මේක බලන්න ආවේ නැහැ.

මා මහාමාර්ග විෂය භාර ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත අවස්ථා කිහිපයකදී කිව්වා, ලංකාගමට යන්න වාහනයක් සහ අනෙකුත් පහසුකම් සියල්ල දෙන්නම් ගිහින් බලන්න මේ පාර කොහොමද හදන්නේ කියලා. නමුත් විපක්ෂය කළේ ජවිපෙ සහ විවිධ පුද්ගලයෙන් එකතු කර ගෙන කොළඹට වෙලා මේ පාර හදන එකට විරුද්ධව උද්ඝෝෂණ කරපු එකයි. ගස් කපනවා සිංහරාජය විනාශයි කිව්වා. කෝ එක හානියක් වුණාද?

ඔවුන් මුළු ලෝකයටම කිව්වා මේ පාර හදන්න රාජපක්ෂලා විශාල වශයෙන් මේ සිංහරාජ වනාන්තරයේ ගස් කපනවා කියලා. මේ මාර්ගය හදන්න අප කිසිදු ගසක් කැපුවේ නැහැ. මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය මගින් සිදු කරනු ලැබුවා.”

0 comment
0

Related Posts

Leave a Comment