Home විදෙස් පුවත් සරණාගතයින් වෙනත් රටකට යන නවතම ක්‍රමය

සරණාගතයින් වෙනත් රටකට යන නවතම ක්‍රමය

by Hela news

නීතී විරෝධි ලෙස පුද්ගලයින් පිරිසක් ස්පාඤ්ඤයට ඇතුළුවීමට උත්සාහ කිරීමේ සිද්ධියක් හේතුවෙන් එරට කාර්යබහුලම ගුවන්තොටුපොළ පැය 04 ක කාලයකට වසා දැමීමට සිදුව තිබේ.

මොරොක්කෝවේ සිට තුර්කිය බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක සිටි මගියෙකු හදිසි අසනීප තත්ත්වයක් ඇති බවට ප්‍රකාශකිරීම හේතුවෙන් ගුවන්යානය ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළක් වෙත ගොඩ බස්වා ඇති බව වාර්තා වේ.

ගුවන්යානය ගොඩබැස්සූ අවස්ථාවේ මගීන් 21 දෙනෙකු ගුවන්යානයෙන් පැනගොස් ඇති අතර ඉන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අසනීප තත්ත්වයෙන් පසු වූ මගියා රෝහල් ගතකර ඇති අවස්ථාවේ ඔහුට අසනීප තත්ත්වයක් නොමැති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත.

ඒ අනුව එම සිදුවීම සිතාමතා නීතිවිරෝධීව ස්පාඤ්ඤයට ඇතුළුවීමට දැරූ උත්සාහයක් ද යන්න සම්බන්ධයෙන් සැක පළ කරයි.

ගුවන්යානයෙන් පැනගිය 12 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ස්පාඤ්ඤය තුළ මෙවන් සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment