Home උණුසුම් පුවත් සයිනොෆාම් ගත් අයට රට යන්න බාධාවක් නැහැ

සයිනොෆාම් ගත් අයට රට යන්න බාධාවක් නැහැ

by Hela news

කොවිඩ් මර්දනය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ගත් පුද්ගලයන්ට විදේශගත වීමට බාධාවක් නැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ‘දිනමිණ‘ට ඊයේ (26) පැවසුවේය. සයිනොෆාම් එන්නතට අනුමැතිය දී නැති රටකට වුවද අදාළ රටේ නියම කර ඇති කොවිඩ් මර්දන ක්‍රියාදාමයන්ට අනුගතව එම රටට ඇතුළු විය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සයිනොෆාම් එන්නත ගත් පුද්ගලයන්ට විදෙස්ගත වීමට නොහැකි බවට පවතින ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැති යැයිද, ඒ සම්බන්ධයෙන් අනියත සැකයක් පුද්ගලයන් තුළ ඇති කර නොගත යුතු යැයිද ඒ මහතා කියා සිටියේය.

ඇතැම් රටවලට ඇතුළු වීම සඳහා එන්නත් නම් කිරීමක් කර නැති අතර, අදාළ රටේ පවතින කොවිඩ් මර්දන නීතිවලට ගරු කරමින් එරටට ඇතුළු වීමට අවසර හිමි වන්නේ යැයිද හෙතෙම පැවසීය.

ස්වීඩනය, හංගේරියාව, කැනඩාව, නෙදර්ලන්තය, ඉරාකය, ජෝර්දානය, මාලදිවයින, උතුරු කොරියාව, කටාර්, පාකිස්තානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක් සයිනොෆාම් එන්නතට අනුමැතිය දී තිබේ.

ලෝකයේ රටවල් 79ක් මුල් කර ගනිමින් කොවිඩ් මර්දන රීති අනුගමනය කර අදාළ රටට ඇතුළු විය හැකි ආකාරය සම්බන්ධයෙන් විස්තර සඳහන් ලේඛනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 18 දා නිකුත් කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment