Home විදෙස් පුවත් සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුද ?

සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුද ?

by Hela news

ෆේස්බුක් ගැන විවාදාත්මක කරුණු හෙළිකළ ෆ්‍රාන්සස් හවුගන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් ඉදිරියේ අද (25) සාක්ෂි දීමට නියමිතය.

එම සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය තොරතුරු රැස්කිරීමේ එක පියවරක් ලෙස එරට මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රාන්සස් හවුගන් අමෙරිකානු දත්ත විශේෂඥවරියකි. ඇය ෆේස්බුක් සමාගම ට වසර දෙකක් පමණ සේවය කළාය. ඒ අතරතුර ඇය විසින් ෆේස්බුක් හා සම්බන්ධ විවිධ රහස්‍ය තොරතුරු රැස්කර තිබුණි.

ඇය පසුගියදා පැවසුවේ ෆේස්බුක් සමාගම එහි ග්‍රාහකයින් ගේ ආරක්ෂාව නොසලකා එහි සමාගමේ වර්ධනයට පමණක් මූලිකත්වය දී කටයුතු කරන බවය.
  
ඇය පසුගියදා සමාජ මාධ්‍ය ට එරෙහිව මතයක් සඳහා කැපවී සිටින ඉයන් රසල් මුණ ගැසුණි. 

ෆේස්බුක් සමාගම සතු මෙවලමක් වන ඉන්ස්ටග්‍රෑම් හි පළකර තිබූ  නුසුදුසු අන්තර්ගතයන් හේතුවෙන් රසල්ගේ 14 හැවිරිදි දියණිය සියදිවි නසා ගත්තාය.

එහිදී ඔවුන් පැවසුවේ පරිශීලකයින්ගේ විශේෂයෙන්ම යෞවනයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ෆේස්බුක් ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු බවය.

විශේෂයෙන්ම යම් යම් නියාමන ක්‍රමවේදයන් හඳුන්වා දීම උචිත බවද ඔවුන් පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment