Home උණුසුම් පුවත් සමාජ මාධ්‍ය තුළ සැරිසරණ මේ අනංගයාට ඔබත් රැවටුනාද ?

සමාජ මාධ්‍ය තුළ සැරිසරණ මේ අනංගයාට ඔබත් රැවටුනාද ?

by Hela news

පාසල් සිසුවියක් රැවටුණු හැටි

පාසල් සිසුවියක රවටා අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගැනීමට තැත් කළ තරුණයෙකු දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ

පසුව මෙම සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක රවටා ඇයගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන පසුව රුපියල් 45,000ක් ලබාදෙන ලෙසට මොහු එම සිසුවියට තර්ජනය කර තිබේ.

පසුව අදාළ සිසුවියගේ මව, දඹුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව මෙම පාසල් සිසුවිය මාර්ගයෙන් සැකකරු දඹුල්ල ප්‍රදේශයට කැඳවා, පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු තවත් තරුණියන් සමඟ ලබාගත් ඡායාරූප විශාල ප්‍රමාණයක් එහි තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

0 comment
0

Related Posts

Leave a Comment