Home ගොසිප් පුවත් සමත් රැක ගෙන පැහැපත් වෙන්න මේ දේවල් කරන්න

සමත් රැක ගෙන පැහැපත් වෙන්න මේ දේවල් කරන්න

by Hela news

ඔබේ සමට ඇතිවන අහිතකර තත්ත්ව සහ සමේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කළයුතු දේවල් පිළිබඳ අද ඔබව දැනුම්වත් කරන්නේ ඩුබායි, සිංගප්පුරුව, නෙදර්ලන්තය සහ මාලදිවයිනෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ ටෙක්නික් ඉන්ටර්නැෂනල් හි න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී අරෝෂි කෞෂල්‍යායි.

අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ බොහෝදෙනකු උනන්දු වෙන මාතෘකාවක් එනම් සම ආරක්ෂා කර ගන්නෙ කෙසේද සහ සම පැහැපත් කර ගන්නේ කෙසේද යන කාරණා පිළිබඳවයි. පැහැපත් සමක් යනු අප සෑම දෙනාගේම සිහිනයක්. ඒ වෙනුවෙන් අප නොකරන දෙයක් නැති තරම්. විවිධ දේවල් අත්හදා බැලුවත් විටෙක ඒවා අසාර්ථක වීමට පුළුවන්. අපගේ සමේ වර්ණය තීරණය වනු ලබන්නෙ අපගේ ජාන මඟින්.

ජාන මඟින් ලැබෙන අපේ සම නිරෝගීව පැහැපත්ව තබා ගැනීමට කළ යුතු දේ පිළිබඳ අප මෙම ලිපියෙන් දැනුම්වත් වෙමු. ටිකෙන් ටික වයසින් මුහුකුරා යද්දි අපට නැ‌ෙඟන ප්‍රශ්නයක් තමා ලප, කුරුලෑ වගේම අපේ සම දුර්වර්ණ වීම. එයට හේතුව අධික හිරු රශ්මිය සහ වයසට යෑමත් සමඟ වයසට යනවිට මුහුණෙ දුඹුරු ලප ඇතිවීමයි. ඒ වගේම දිදුලන ගතිය අවම වී සමේ රැලි ඇතිවීමක් සිදු වෙයි. අපට සම පැහැපත්ව තබා ගැනීමට ප්‍රබලම බාධාව වන්නේ හිරු එළියයි. අප හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා SPF(සන් ප්‍රොටක්ෂන් ෆැක්ටර්) 30 ට වැඩි හිරු ආවරණයක් භාවිත කළ යුතුයි.

අනිත් කරුණ සම ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රතිඔක්සිකාරකයක් වන ඇන්ටි ඔක්සිජන් සමට අත්‍යවශ්‍යයි. අප ස්වභාවිකවම භාවිත කරන එළවළු පලතුරුවල පමණයි මෙම ඇන්ටි ඔක්සිජන් තිබෙන්නෙ. ඉතින් එවැනි දේවල් නිරායාසයෙන්ම ආහාරයට ගැනීමට හුරුවුවහොත් අපේ සම පැහැපත් වනවා. පැහැපත් සමක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් විවිධ වර්ණයෙන් යුත් එළවළු පළතුරු භාවිතයට හුරු වන්න.

සමේ වර්ණය ළා පාට හෝ තද පාට නොවෙයි අපේ ගැටලුව අපේ සම කොතරම් දුරට නිරෝගී ද යනුවෙන් තමයි අප දැනුම්වත් විය යුත්තේ. ඔබ විටෙක දැක ඇති ඉතාමත් තද වර්ණයෙන් යුත් නමුත් සම පැහැපත් කුරුලෑ ලප කළැල් නොමැති අය.එවැනි අය නිරෝගී සමක් සහිත අය යනුවෙන් අපට හඳුන්වන්නට පුළුවන් .

ඔබ පැහැපත් සමක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් අනිවාර්යයෙන් දවස පටන්ගත යුත්තේ වතුර වීදුරුවකින්. මෙම වතුර වීදුරුවට දෙහි සහ මී පැණි තේ හැන්දක් එකතු කර පානයට එකතු කර හිස්බඩ පානයට ගන්න. ජලය අපගේ සමට අත්‍යවශ්‍ය දෙයක්. දෙහියුෂ වල විටමින් සී අඩංගුයි. මී පැණි විසබීජවලට එරහිව ක්‍රියා කරනවා. එසේම මී පැණි යනු ඇන්ටි බැක්ටීරියාවක් නිසා සම පැහැපත් වීමට මී පැණි යනු හොඳ ඖෂධයක්. බොහෝ දෙනෙක් කරනු ලබන්නෙ මුහුණට පේෂල් එකක් වගේ වුවත් අප සම අභ්‍යන්තර පෝෂණය ගැන උනන්දු විය යුතුය.

සම පැහැපත් කර ගැනීමට තවත් අවශ්‍යය දෙයක් තමයි උදේ ආහාරයට පලතුරුවලින් සාදාගත් පානයක් එකතු කර ගැනීම. පලතුරු අපේ සෞඛ්‍යයට බොහොමයක් උදව් වෙන දෙයක්. උදාහරණයක් ලෙස මළපහ පිටවීම අක්‍රමවත් නම් පැපොල්, කොමඩු, අඹ ඉතාමත්ම ගුණදායකයි. හේතුව මෙම පලතුරුවල වැඩිපුරම ඇන්ටිඔක්සිඩයිඩ් තිබෙන නිසයි. ඊළඟට ඔබ වැඩිපුරම සීනී භාවිතයට හුරු වී තිබෙනවා නම් එය අනිවාර්යයෙන් අඩු කරන්න. සීනී කියන්නේ සමේ ලස්සන අඩු කරන ප්‍රබලම සාධකයක්.

ඊළඟට ඔබ හොඳ ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න. මෙහිදි වැදගත්ම දේ ඔබ මේ පිළිබඳ එනම් සම පිළිබඳ අවබෝධයක් තිබෙන වෛද්‍යවරයෙක් මුණගැසී උපදෙස් ලබාගෙන ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න. ක්ලෙන්සර් එකකින් සාමාන්‍යයෙන් වෙනු ලබන්නෙ සමේ රෝමකූප ඉවත් කර කුණු දූවිලි ඉවත් කිරීමයි. පසුව අයිස් වතුරින් සෝදා හරින්න. නැතිනම් ටෝන එකක් භාවිතා කරන්න. සති දෙකකට වතාවක් හුමාලය අල්ලන්න.

නිතරම හුමාලය අල්ලන්නට උත්සහ කරන්න එපා. හේතුව සමේ තිබෙන ස්වභාවික පෙනුම ඉවත් වන නිසා.හැකිනම් හුමාලය අල්ලනවිට දෙහි ලෙලි කිහිපයක් එකතු කර ගන්න. සමේ පැහැපත් බවට සහ තරුණ පෙනුම රැක ගැනීම සඳහා මසකට වතාවක් මුහුණ මසාජ් කරන්න. අවුරුදු තිහ පසුවුණ විගස කාන්තාවක් නම් මෙම සත්කාර කරන්න.

ඔබ විටෙක දැක තිබෙන්නට පුළුවන් සම එක පාටක් කට වටා එක පැහැයක් ඇස්වටා එක පැහැයක් වැනි සමේ විවිධ වර්ණ. එයට හේතුව අපගේ ලේ ගමනාගමනය නැතිනම් එම ස්ථානවලට ඔක්සිජන් නොමැතිවීම. මසාජ් එකකදී හොඳ රුධිර සංසරණයක් වන නිසා එය ඔබට නිරෝගි සමකට හොඳම සත්කාරයක්. පැහැපත් සමක් වෙනුවෙන් ඔබ අනිවාර්යයෙන් මොයිස්වරයිසර් එකක් භාවිත කරන්න. බොහෝවිට රාත්‍රියේදී සුදු වෙන අරමුණින් බොහෝ අය බීලීචින් අඩංගු ක්‍රීම් වර්ග භාවිත කරනවා. සාමාන්‍යයෙන් රාත්‍රි දොළහේ සිට පාන්දර දෙක දක්වා කාලය සමේ අලුත් සෛල වර්ධනය වන වෙලාව.

ඉතින් බිලීචීන් වලින් සිදුවනු ලබන්නෙ අලුතින් හැදෙන සෛල ඩැමේජ් කිරීමයි. එම නිසා තමයි බොහෝ දෙනෙකු කියන්නෙ බ්ලීචීන් ක්‍රීම් ගෑවම සුදුයි පස්සෙ කළු වෙනවා යනුවෙන්. ඉතින් එවැනි ගැටලු මතුවෙන්නෙ මෙම හේතුව නිසයි. රාත්‍රියේදී හෝ නැතිනම් ඔබ කාර්යාලයක සේවය කරන කෙනෙක් නම් විදුලි පංකාව හෝ වායු සමනය කරන තැන් වල රැදෙනවා නම් හොඳ මොයිස්වරයිසර් ක්‍රීම් එකක් ආලේප කිරීම මඟින් සම රැලි වැටීම වළක්වනවා සේම සමේ තෙතමනයද රඳා පවත්වන්නට උපකාරී වෙයි.

එසේම අවුරුදු හතළිහ පසුවුණ පසු අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් මුණගැසී අපට අවශ්‍යය විටමින් ලබාගත යුතුයි. අප නිදාගන්නා කාලය තුළ පමණයි අපගේ සමට විවේකයක් ලැබෙන්නෙ. ඒ වගේම අපගේ සමට නිදහසක් ලැබෙන්නෙත් අප නිදාගන්නා කාලය තුළ පමණයි. එම නිසා අප අනිවාර්යයෙන් පැය අටක් නින්ද ලබා ගත යුතුමයි.

එසේම මානසික ආතතිය ද අපගේ රූපයට විශාල වශයෙන් බලපානු ලබනවා. අනිවාර්යයෙන් දිනකට අපගේ සම වෙනුවෙන් ජලය ලීටර් දෙකක් පානය කළ යුතුයි. නැතිනම් වතුර අඩුකමට සම වියළීමකට ලක්විය හැකියි. වයස අවුරුදු තිස්පහ පසුවුණ විගස සමෙ කොලජන් නිපදවීම අඩු කරනවා. එම නිසා කොලජන් අඩංගු ආහාර කොළ ඇපල්, ගෝවාමල් වැනි දේවල් හැකි තරම් ආහාරයට ගන්න. බොහෝවිට සමේ ගැටලු මතුවනු ලබන්නෙ අවුරුදු තිහ පසුවුණු පසුයි.

සුදු පොල්තෙල් යනුද බොහොමයක් වටින සත්කාරයක්. සුදු පොල්තෙල් ගෙදර හින්දා ගැනීමට හැකි නම් එය වඩාත්ම හොඳයි. අප මසකට වතාවක් මුහුණට පේෂල් එකක් ආදිය කරගැනීමට යොමුවුවත් ශරීරය ගැන සිතන්නෙ නැහැ. අනිවාර්යයෙන් මසකට වතාවක් බොඩි ස්ක්‍රබ් එකක් බොඩි පැක් එකක් කරන්නට හැකිනම් එය වඩාත්ම වටිනවා. ඔබට හැකි නම් නාන්නට පෙර මුළු ශරීරයේම සුදු පොල්තෙල් ගල්වා පැය දෙකකට පසු ස්නානය කරන්න.පොල්තෙල් වල බොහොමයක් විටමින් අඩංගුයි.

පොල්තෙල් නැතිනම් ගා ගත් පොල් ස්වල්පයක් ගෙන එයට ජලය නොදා මිරිකා එයින් එන සාරය ශරීරයේ ගල්වන්න. කොරළ සහිත සමකටද මෙය ඉතා වැදගත්. අනික් කරුණ නම් ඔබ කවමදාකවත් බොඩි ස්ක්‍රබ් එකක් නොකර මේ දේවල් කරන්නේ නම් එයද සාර්ථක නැත. එම නිසා බොඩි ස්ක්‍රිබ් එකක් සිදුකර මේ දේවල් සිදු කරන්න. ඔබට නිවසේදීම බොඩි ස්ක්‍රිබ් එකක් කර ගැනීමට පුළුවන්. එනම් සුදු හඳුන් ,කොකුම් පොතු ,කහ යොදාගෙන තලපයක් සේ සාදා ගැනීමයි.

0 comment
0

Related Posts

Leave a Comment