Home ව්‍යාපාර පුවත් සදාහරිත සමූහයේ ‘ග්‍රන්ථාකල්පන‘ වැඩසටහන සාර්ථකව

සදාහරිත සමූහයේ ‘ග්‍රන්ථාකල්පන‘ වැඩසටහන සාර්ථකව

by Hela news

හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටේ ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් මනසට නිදහස ගෙන දෙන ‘ග්‍රන්ථාකල්පන‘ ෆේස් බුක් සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ඇරැඹීය. සැප්තැම්බර් මාසය පුරා ෆේස් බුක් පරිහරණය කරන තරුණ වැඩිහිටි සියලු දෙනාටම ‘ග්‍රන්ථාකල්පන‘ ප්‍රවර්ධන වැඩසටහන හා එක්ව තෑගි දිනා ගැනීමේ අවස්ථාව මෙහිදී උදා කර දී තිබිණි. එහිදී තමන් කැමතිම නව කතාව සදාහරිත ෆේස් බුක් පිටුවේ සඳහන් කිරීම තුළින් තරගයට ඇතුළු වීමේ අවස්ථාව පරිශීලකයන්ට හිමි විය.

කොවිඩ් 19 හේතුවෙන් පාසල් යන දරුවන්ගේ සිට බොහෝ දෙනා සැප්තැම්බර් මාසය පුරාම සිටියේ නිවෙස්වලය. වසර දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාව ද මේ ගෝලීය සෞඛ්‍ය, ආර්ථික, සමාජ අර්බුදයෙන් පීඩාවට පත්ව සිටිති. ගෝලීය අගාවුඩ් ව්‍යාපාරයේ දේශීය සලකුණ වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය මේ තත්ත්වය වඩාත් අවබෝධ කර ගෙන සිටී. රටේ ආර්ථිකයට ශක්තිය සැපයීම මෙන්ම ආයතනික සමාජ වගකීම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන දේශීය සමාගමක් ලෙස රටේ ජනතාවගේ මානසික සුවය පිළිබඳ ද කැපවීමකින් කටයුතු කරයි. ඒ අනුව දරුවන්ගේ සිට වයස් භේදයකින් තොරව කියවීමේ රුචිය වර්ධනය කිරීම සඳහා මේ වැඩසටහන දියත් කෙරිණි. සැප්තැම්බර් මාසය මුලදීම සදාහරිත නිල ෆේස් බුක් පිටුව හරහා කියවීමේ වැදගත්කම සහ දරුවන් කියවීමට යොමු කර වීම මඟින් විචාරශීලි, නිර්මාණාත්මක මිනිසුන් බිහි කර ගැනීමේ ශක්‍යතාව පෙන්වා දෙමින් වීඩියෝ නිර්මාණ ජනතාව අතර ප්‍රචලිත කළේය. අනතුරුව පරිශීලකයන්ට තමන් වඩාත් කැමතිම නවකතාව සදාහරිත නිල ෆේස් බුක් පිටුවේ කියවීමේ මාසය වෙනුවෙන් පළ කරන ලද පෝස්ටුවට කොමෙන්ට් කිරීමේ අවස්ථාව ලබා දුන්නේය.

එහිදී තරග කොන්දේසි ලෙස සදාහරිත නිල ෆේස් බුක් පිටුවට Like කර එම පොස්ටුව ද Like හා Share කිරීම අනිවාර්ය කෙරිණි. මේ හරහා ග්‍රන්ථාකල්පන ප්‍රවර්ධන වැඩසටහන ෆේස් බුක් සමාජ මාධ්‍යයෙහි අතිශය ජනප්‍රිය වූ අතර, තරගය සඳහා විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී තරගකරුවන් අතරින් අහඹු ලෙස සතිපතා තෝරා ගන්නා ජයග්‍රාහකයන් වෙනුවෙන් සරසවි පොත් මැදුර වෙතින් පොත් ගැනීමට තෑගි වව්චර ප්‍රදානය කෙරිණි

0 comment
0

Related Posts

Leave a Comment