Home ව්‍යාපාර පුවත් සතොස මෝටර්ස් අට වැනි ශාඛාව දඹුල්ලට

සතොස මෝටර්ස් අට වැනි ශාඛාව දඹුල්ලට

by Hela news

ඉසූසූ වෙළෙඳ සන්නාමය යටතේ ඕනෑම වර්ගයක වාහනයකට අවශ්‍ය නියම අමතර කොටස් සාධාරණ මිලකට ලබා ගත හැකි අයුරින් සතොස මෝටර්ස් පෞද්ගලික සමාගමේ දඹුල්ලේ ශාඛාව විවෘත කෙරිණි. සතොස මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් දඹුල්ල නගරය කේන්ද්‍ර කරමින් විවෘත කරනු ලැබුවේ ඉසූසූ අමතර කොටස් අලෙවි කිරීමේ සිය 8වැනි මධ්‍යස්ථාන ශාඛාවය.

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, චාමින්ද සිරිසේන සහ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ සතොස මෝටර්ස් දඹුල්ල අමතර කොටස් අලෙවි කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපතිවරයා සමඟ රන්ගිරි දඹුල්ල රජ මහා විහාරයේ දෙණියාගම ආනන්ද හිමියන් වැඩම කර සිටියහ.

මේ අවස්ථාවට සතොස මෝටර්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත පෙරේරා, සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) ඩර්ක් ජෝෂුවා, සාමාන්‍යධිකාරි (සේවා) ලසිත මෙන්ඩිස්, අමතර කොටස් අලෙවි ප්‍රධානි දමින්ද අනුරාග මහත්වරු ද එක් වී සිටියහ. ඉසූසූ රථවාහන, අමතර කොටස් අලෙවිය සහ සියලු සේවා පහසුකම් සපයනු ලබන සතොස මෝටර්ස් සමාගම ඉදිරියේදී දීපව්‍යාප්තව ඉසූසූ අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment