Home කාලීන පුවත් සත්‍ය යටගැසීමට රජයෙන් තවත් තුරුම්පුවක් – කාදිනල් හිමි

සත්‍ය යටගැසීමට රජයෙන් තවත් තුරුම්පුවක් – කාදිනල් හිමි

by Hela news

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට රජය තවත් තුරුම්පුවක් යොදාගැනීමට සූදානම්වී ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරයි.

(08) මාධ්‍ය හමුවක් පවත්වමින් කාදිනල් හිමියන් ඒ බව පැවසීය. 

“සත්‍ය යට ගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමාත් දැන් ඒකට සහභාගි වෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක මහජනතාව සත්‍ය හෙළිදරුව් වෙයි කියලා බලන් හිටියා. දැන් ජාත්‍යන්තරයට අපිව තල්ලුවෙනවා, මොකද ජාත්‍යන්තරයට මේගොල්ලො යන්න තීරණය කරලා නිසා. මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයත්  වින්දිතයන්ට යුක්තිය ක්‍රියාත්මකවීමක් අපිට පෙනෙන්නට නැති බවත් අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම්දීලා තියෙන්නේ.”

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා නොබෝ දිනකින් ඉතාලියේ සංචාරයක නිරතවීමට නියමිත වුවත් එහිදී ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමක් සිදු නොවන බවය.

අග්‍රාමාත්‍යවරයා සහ විදේශ ඇමතිවරයා ඉතාලියේ සංචාරයක නිරත වන්නේ එරට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර උත්සවයකට සහභාගීවීම සඳහා බව එහි දැක්වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment