Home ව්‍යාපාර පුවත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහීව පෙරට

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහීව පෙරට

by Hela news

2020–2021 දෙවසර තුළ ජයග්‍රාහකයෝ 105ක්

2020 – 2021 අභියෝගාතිමක දෙවසරකි. එසේ වුව ජයග්‍රාහි ගමනක් යන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකිවී තිබේ. ඒ පාරිභෝගික විශ්වාසයත් වාසනාවත් එකිනෙක ගළපමිනි. රට විවෘතව පැවති කාල සීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මිලදී ගත් පාරිභෝගික ජනතාව වෙනුවෙන් උපරිමයෙන් වාසනාව උරුම කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකිවීම මණ්ඩලය ලද ජයග්‍රහණයකි. බොහෝ අභියෝග බාධක ඇති කළ සමයක ඔබේ ළඟම විශ්වාසවන්තයා ලෙස ඔබ දිනවූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක පෙළට කෝටිපති ලක්ෂපති ජයග්‍රායහකයන් බිහි කිරීමට සමත් විය.

ගත වූ මාස විසි දෙකක කාලය තුළ සියලු බාධක මධ්‍යයේ වුවද සුපිරි ජයග්‍රාහකයන් 105 දෙනෙක් බිහිකරන්නට සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත්වලට හැකියාව ලැබුණි. එම සුපිරි ජයග්‍රාහකයන් අතරින් 47දෙනෙකුම සුපිරි කෝටිපති ජයග්‍රාහකයන්ය. සෙසු සුපිරි ජයග්‍රාහකයින් 58 දෙනාම බිහි කළ ලොතරැයිය වන්නේ ලග්න වාසනාවයි. එම කෝටිපති ජයග්‍රාහකයින් අතර “අද කෝටිපති” ලොතරැයියෙන් බිහි කළ කෝටි 13කට අධික අති දැවැන්ත සුපිරි ජයමල්ලක් දිනූ වාසනාවන්තයෙක් ද වෙයි.

2020 හා 2021 වර්ෂයන් වෙන් වෙන්ව සැලකුවත් 2020 වර්ෂයෙහි බිහි වූ සුපිරි ජයග්‍රාහකයින්ගේ සංඛ්‍යාව 64කි. ඔවුන් අතර බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලෙහි වටිනාකම රුපියල් මිලියන 1,358,කි. එසේම 2021 වර්ෂයෙහි ගෙවුණු මාස 10ක කාලසීමාවෙහි බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් සංඛ්‍යාව 41කි. ඔවුන් වෙනුවෙන් වෙන්කළ සමස්ත ත්‍යාග මුදලෙහි වටිනාකම රුපියල් මිලියන 683කි.

සුපිරි ජයග්‍රාකයන්ට අමතරව බිහි වූ දස ලක්ෂපති ජයග්‍රාහකයන් පිළිබඳව සැළකීමේදී 2020 වර්ෂයේදි දස ලක්ෂපතියන් 343 දෙනෙක්ද ඔවුන් අතරෙහි රුපියල් මිලියන 343ක මුදලක්ද බෙදාදී ඇත. එසේම 2021 වර්ෂයේ පසුකළ මාස 10 තුළ බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාකයන් සංඛ්‍යාව 261ක් වන අතර ඔවුන් අතරෙහි රුපියල් මිලියන 261ක් ද බෙදාදී ඇත.

දිනපතාම බිහිවන ජයග්‍රාහකයන් අතරෙහි නොවරදින ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉදිරියට යන අතර 2020 වර්ෂයෙහි බිහිවූ ලක්ෂපති වාසනාවන්තයිගේ සංඛ්‍යාව 3959කි. ඔවුන් අතරෙහි බෙදාදුන් සමස්ත ත්‍යාග මුදල රුපියල් මිලියන 395කි. එසේම 2021 වර්ෂයෙහි ආරම්භයේ සිට ඔක්තෝබර් මස 31 දින දක්වා කාල සීමාව තුළ බිහි වූ ලක්ෂයේ ජයග්‍රාහකයන්ගේ සංඛ්‍යාව 3634 ක් වන අතර ඔවුන් අතරෙහි බෙදා දුන් සමස්ත ත්‍යාග මුදල් සම්භාරයෙහි වටිනාකම රුපියල් මිලියන363 කි.

වාසනාවේ විශ්වාසය සුරකිමින් එලෙස රට වටා කෝටිපති ලක්ෂපති ජයග්‍රාහකයන් බිහි කරන අතරවාරයේම රට වෙනුවෙන් ජනාධිපති අරමුදලටත් මහපොළ ශිෂ්‍යත්වයටත් දුන් දායකත්වයෙහි අගය ඉලක්කමින් සඳහන් කළ හැකි නමුත් එම සේවය වචනයෙන් විස්තර කළ නොහැකිය. තුන් ලක්ෂ විසිපන් දහස ඉක්මවූ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනමන්නට මූල්‍ය දායකත්වය දුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුකළ අවුරුදු 38 පුරාවට අද දක්වා ජනාධිපති අරමුදලට සැපයූ දායකත්වය රුපියල් මිලියන 32,826කට වඩා වැඩිය. එක පෙළට අභියෝග පැමිණි 2020 වර්ෂයේදී වුව ද නොපසුබටව සිදුකළ මෙහෙවරෙහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අරමුදල වෙනුවෙන් රුපියල් බිලියන 2.29ක දායකත්වයක් ලබාදීමට හැකිවූ බව සතුටින් සඳහන් කරන්නෙමු. එසේම එම පසුගිය වසරට නොදෙවෙනි ලෙස අභියෝග මතින් ගමන් කළාවූ 2021 වසරෙහි ද ගත වූ මාස නවයක කාලය තුළ ජනාධිපති අරමුදල සදහා රුපියල් මිලියන 1,949කට එහාගිය මුදල් සම්භාරයක් දායක කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකි විය. කුමන බාධක පැමිණිය ද මේ වසර අවසානය වන විට ජනාධිපති අරමුදල වෙත රුපියල් මිලියන 2,500ක සමස්ත දායකත්වයක් සිදුකිරීම මණ්ඩලයේ අපේක්ෂාවයි.

0 comment
0

Related Posts

Leave a Comment