Home දේශීය පුවත් සංචාරකයින් ගෙන්වා ගැනීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන්නැයි ඉල්ලීමක්

සංචාරකයින් ගෙන්වා ගැනීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන්නැයි ඉල්ලීමක්

by Hela news

මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳීම අනිවාර්ය නොකිරීම, දිවයිනට පැමිණීමේදී පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදුකිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්ය.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනයෙන් දින 10ක් ගතවූ සෞඛ්‍ය අංශ සේවකයින්ට යළි රැපිඩ් ඇන්ටිජන් හෝ PCRපරීක්ෂණයකින් තොරව සේවයට කැඳවමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ්-19 රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ,

“එන්නත ලබාදීමත් එක්ක ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය යම් ප්‍රමාණයක් හැදිලා තියෙනවා. එතකොට ඔහුගෙන් රෝගය වෙනත් කෙනෙකුට යන්නේ නෑ. ඔහුට රෝග ලක්ෂණත් නැත්නම්, අපහසුවකුත් නැත්තම් ඇයි ඔහු දායක වෙන්නේ නැත්තේ.”

0 comment
0

Related Posts

Leave a Comment