Home කාලීන පුවත් සංචාරකයාට සේම හෝටල් සේවකයාටත් සලකමු

සංචාරකයාට සේම හෝටල් සේවකයාටත් සලකමු

by Hela news

මෙරටට විදේශීය විනිමය ලබා දෙන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එමඟින් රටට ඩොලර් ලැබෙනවා සේම ඍජු සහ වක්‍ර රැකියා දහස් ගණන් නිර්මාණය වී තිබේ. පසුගිය කාලයේ අපේ රටට ඇතිවූ පාස්කු ප්‍රහාරය සහ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ තරමක පසුබෑමක් ක්ෂේත්‍රයේ තුළ ඇතිවී තිබේ.

සංචාරක ව්‍යාපාරය තුළ බොහෝ විට අපි දකින්නේ බෙර ගසා, මල්මාලා දා සංචාරකයා පිළිගැනීමට ගන්නා අනුමාන වෙහෙසයි. එය පිළිතුරක් නොවේ. විදේශීය අමුත්තෙකු අප රටට පැමිණි පසු අපි අපේකමට මුල්තැන දී ඔවුන් සතුටු කිරීම කළ යුතුය. මන්දයත් සමස්ත සංචාරක ක්ෂේත්‍රයම රැකෙන්නේ ඔවුන් නිසා බැවිනි.

එහෙත් සංචාරක ව්‍යාපාරය තුළ ඔබ නොදකින කඳුළු කතාවක් තිබේ. ඒ මෙම ක්ෂේත්‍රයේ දැනට නියුතු සහ ක්ෂේත්‍රය හැරගිය හෝටල් සේවකයාගේ අඳුරු පැතිකඩයි.

අපි සති අන්ත පුවත්පත් මිලදී අරගෙන විපරම් කළහොත් මොනතරම් නම් හෝටල් ක්ෂේත්‍රයට අදාළ රැකියා පුරප්පාඩු දක්නට ලැබේද? දිවයිනේ නමගිය ප්‍රචලිත හෝලටවල පවා දිනපතා පුරප්පාඩු ඇත.

එසේ වන්නේ ඇයි? හෝටල් සේවකයාට සලකන නියම හෝටලයක පුරප්පාඩු තිබීමට බැරිය. අපගේ ග‍වේෂණයෙන් හෙළිවී තිබෙන්නේ හෝටල් ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකු රැකියාව හැර යන්නේ ශ්‍රමයට ගැළපෙන වැටුපක් ලබා නොදීම, ආහාර ගැටලු සහ දීර්ඝ වැඩමුර මෙන්ම සුබසාධනයක් නොමැතිකමය.

ඇතැම් සංචාරක හෝටල්වල දවසේ ආහාර ටික පවා වෙනම සකස් කරයි. කිසිදිනෙක විදේශිකයන් ආහාර ඔවුනට ලබා නොදෙයි. සංචාරකයා සේම හෝටල් සේවකයාත් රැකගැනීම අප සතුය.

0 comment
0

Related Posts

Leave a Comment