Home විදෙස් පුවත් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි – 27ක් මරුට

සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි – 27ක් මරුට

by Hela news

සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් ප්‍රංශයේ සිට එංගලන්තය දෙසට යාත්‍රා කරමින් තිබියදී උතුරුදිග කැලායිස් වෙරළාසන්නයේදී ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් සිටිය දී පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.  එහිදී පුද්ගලයින් 27දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසා ඇත්තේ මෙම අනතුර 2014 දී දත්ත රැස් කිරීම ආරම්භ කිරීමෙන් පසු ඉංග්‍රීසි ඕඩය තුළ සිදුවූ විශාලතම ජීවිතහානි වාර්තාවන අනතුර බවටය

. මියගිය අය අතර කාන්තාවන් පස් දෙනෙකු සහ ගැහැණු ළමයෙකු සිටින බව සදහන් වේ. පුද්ගලයන් දෙදෙනෙකු මේවන විට බේරාගෙන ඇත. පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව කලින් වාර්තා වූ නමුත් එම සංඛ්‍යාව මේවන විට සංශෝධනය කර තිබේ. මෙම අනතුරින් විපතට පත් පිරිස සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment