Home ක්‍රීඩා පුවත් ශී‍්‍ර ලංකා XI – බටහිර ඉන්දීය කොදෙව් පුහුණු ටෙස්ට් තරගයේ පළමු දිනට වැස්ස හරස් වෙයි

ශී‍්‍ර ලංකා XI – බටහිර ඉන්දීය කොදෙව් පුහුණු ටෙස්ට් තරගයේ පළමු දිනට වැස්ස හරස් වෙයි

by Hela news

කී‍්‍රඩාංගණයට ඊයේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර කි‍්‍රයාත්මක සිව්දින පුහුණු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය එකදු පන්දුවාරයක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. එ් අනුව අදාළ තරගය දෙවැනි දිනට ආරම්භ වීමට නියමිතව තිබේ.

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ලබන 21 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතව තිබේ. එ් අනුව ඊට පෙර සුදානම් තරගයක් ලෙසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර සිව්දින පුහුණු තරගය ඊයේ ආරම්භ වීමට නියමිතව තිබිණි.

මෙම පුහුණු තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසංලකට හිමිව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment