Home විදෙස් පුවත් ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට

ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට

by Hela news

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි මුහුදු ප්‍රදේශයේ නෞකාවක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට සහභාගී වී සිටියදී ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මීට දින දෙකකට පමණ පෙර මුම්බායි හි සිට ගෝවා වෙත ගමන් කරන නෞකාවක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වෙන බවට ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වෙත බුද්ධි තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව එම කාර්යංශයේ නිලධාරීන් වෙස්වලාගෙන නෞකාවට ඇතුළු වී ඇති අතර නෞකාව ගමන් ආරම්භ කර මද වේලාවකට පසුව සාදයට සහභාගී වී සිටි පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයේ නිරත වී ඇති බව අනාවරණය වී තිබේ.

නෞකාව තුළ තිබී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment