Home ව්‍යාපාර පුවත් ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා දෙන්න Study Group එක්සත් රාජධානියේ නිරෝධායන අරමුදලක් පිහිටුවයි

ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා දෙන්න Study Group එක්සත් රාජධානියේ නිරෝධායන අරමුදලක් පිහිටුවයි

by Hela news

ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා අවස්ථා පිරිනැමීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස ප්‍රමුඛතම අන්තර්ජාතික අධ්‍යාපන සැපයුම් ආයතනයක් වන Study Group විසින් සැප්තැම්බර් මාසයේ සිට සිසුන්ට එක්සත් රාජධානියේ ඉගෙනීමට සහ රැකියා කිරීමට උපකාර කිරීම සඳහා නව නිරෝධායන ආධාරක අරමුදලක් හඳුන්වා දී තිබේ.

2021 / 2022 අධ්‍යයන වර්ෂයට අදාළව ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට Study Group විසින් කළමනාකරණය කරනු ලබන නිරෝධායන හෝටල් වියදම් ආධාර කිරීම සිදු කෙරෙන අතර, ඒ අනුව එක්සත් රාජධානියේ වර්තමාන සංචාරක ‘රතු ලැයිස්තුවේ‘ සිටින සුදුසුකම් ලත් සිසුන්ට පවුම් 1,000 ක් ලබා දෙනු ඇත. බොහෝ ශ්‍රී ලාංකික සිසුන් ඉදිරි සති කිහිපය තුළ විදේශ සංචාර සඳහා සැලසුම් සකස් කරමින් සූදානම් වන බැවින් 2021 සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ආරම්භ වන වැඩසටහන සඳහා ලියාපදිංචි වූ සිසුන්ට මේ අරමුදල ගත හැකිය.

මේ අනුව Kingson University ISC, Teesside University ISC, Huddersfield ISC සහ Coventry University London ISC ඇතුළු Study Group හා සම්බන්ධ සියලු එක්සත් රාජධානියේ අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානයන්හි (ISC) ඉගෙනීමට ඉල්ලුම් කරන සිසුන්ට එක්සත් රාජධානියේ නිරෝධායන ආධාරක අරමුදල ලබා ගත හැකිය.

0 comment
0

Related Posts

Leave a Comment