Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා රග්බි පිලට අතහිත දුන් සැමට රග්බි ආයතනයෙන් තුති

ශ්‍රී ලංකා රග්බි පිලට අතහිත දුන් සැමට රග්බි ආයතනයෙන් තුති

by Hela news

ක්‍රීඩාවේ ගුණාත්මකභාවය රැක ගනිමින් ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේදී විශිෂ්ට දස්කම් පෙන්නුම් කළ යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට අතහිත දීමට ඉදිරිපත්වීම පිළිබඳ අනුග්‍රාහකත්වය දුන් සැමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ස්තූතිය පිරි නමන බව නිවේදනයක් නිකුත් කරමින් රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය. මෙරට රග්බි ක්‍රීඩාවේ නිරත වන යොවුන් ක්‍රීඩකයන් දිරි ගැන්වීමට එවැනි අනුග්‍රාහකත්ව අතිශය වැදගත් බව රග්බි ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අනුග්‍රාහකත්ව වැඩසටහන ක්‍රීඩාවෙන් ඔබ්බට යන බවත්, එකිනෙකා සමඟ අත්වැල් බැඳ ගනිමින් ක්‍රීඩාව හා බැඳුණු තවත් විවිධ අවස්ථාවන් සඳහා එම අනුග්‍රාහකත්වය මා හැඟි ආරම්භයක් වනු ඇතැයි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් දායකත්වය සැපයූ ක්‍රීඩා අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයට ද සිය ස්තූතිය පුද කරන බව රග්බි ආයතනයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment