Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමෙන් බංග්ලාදේශ යෞවන කණ්ඩායමට දැඩි ප්‍රහාරයක්

ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමෙන් බංග්ලාදේශ යෞවන කණ්ඩායමට දැඩි ප්‍රහාරයක්

by Hela news

ශ්‍රී ලංකාව අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සහ බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 5ට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

අද පැවති තරගාවලියේ අවසන් තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම ට හැකියාව ලැබුණි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළේය.

එහිදී චමිඳු වික්‍රමසිංහ ලකුණු 102ක් රැස්කළ අතර ශෙවෝන් ඩැනියෙල් ලකුණු 59යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 236කි. 

එක් අවස්ථාවකදී ලකුණු 223කට කඩුලු 5ක් පමණක් දැවී ප්‍රබල ස්ථානයක පසුවූ බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 13කට දැවී ගියේය.

0 comment
0

Related Posts

Leave a Comment