Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට මොකද වෙන්නේ

ශ්‍රී ලංකා පිතිකරුවන්ට මොකද වෙන්නේ

by Hela news

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 3වැනි  T20I ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් ලබාගැනීමට සමත් වුණි. 

එහිදී කුසල් පෙරේරා ලකුණු 39 රැස් කළ අතර නායක දසුන් ශානක 18 රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී කගීසෝ රබාඩා සහ බ්ජෝර්න් ෆොර්ටුවින් කඩුලු 2ක බැගින් දවාගත් අතර කේශාව් මහරාජ්, වියාන් මුල්ඩර් සහ ඒඩන් මාක්‍රම් එක කඩුල්ල බැගින් දවාගත්හ.

ඒ අනුව, තරඟය ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 121ක් ඉලක්කයක් හිමිව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment