Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අභියෝගයක්,

ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අභියෝගයක්,

by Hela news

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට තරගයේ වාසිය දෙපිළටම විවෘතව පවතින බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

ඒ අනුව (01) දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 46ක් ලබා සිටියේය.

සංචාරක කොදෙව් කණ්ඩායම තවත් ලකුණු 03ක් ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 2කම දුවද්දී දැවීයෑම් වීම විශේෂත්වයකි.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටි පැතුම් නිස්සංක ලකුණු 21යි. චරිත් අසලංක නොදැවී ලකුණු 04යි.

තරගයේ පළමුව පන්දුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සියලුදෙනා ලකුණු 253ක් රැස් කළහ.
 

0 comment
0

Related Posts

Leave a Comment