ශ්‍රී ලංකා පාපන්දු පිල දකුණු කොරියාවට

0
218

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා පැවැත්වෙන ආසියානු කලාපිීය දෙවන අදියරේ තරග සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා පාපන්දු පිල හෙට දකුණු කොරියාව බලා පිටත්වෙයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 05 වැනිදා ලෙබනනය සමග පැවැත්වෙයි. දෙවන තරගය ජුනී 09 වැනිදා දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයට අමතරව වසර 2023 දී චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙසද මෙය පැවැත්වෙ. ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස සුජාන් පෙරේරා ක්‍රියාකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here