Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

by Hela news

පළමු පන්දුවාර විස්ස තරගය ලබන 07 වැනිදා

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ඕමාන තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (04) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.

ඕමානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්ගේ ගමන අද (04) දින දක්වා කල්දමා තිබුණි.

ඔවුන් පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන කණ්ඩායම පන්දුවාර විස්ස තරග දෙකකට සහභාගිවීමට නියමිතයි.

පළමු තරගය ඔක්තෝබර් මස 07 වැනිදා සහ දෙවන තරගය ඔක්තෝබර් මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment