Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයාට කකුලක් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයාට කකුලක් අහිමිවෙයි

by Hela news

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බන්දුල වර්ණපුර මහතාගේ එක් පාදයක් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ඒ මහතාගේ ප්‍රතිකාර නොකරන ලද තුවාලයක් හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් උත්සන්නවීමත් සමග එක් පාදයක් ඉවත් කිරීමට සිදු වූ බවයි.

මීට දින කිහිපයකට පෙ හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි.

68 හැවිරිදි බන්දුල වර්ණපුර මහතා මේ වන විට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බවට වාර්තා වේ.

බන්දුල වර්ණපුර මහතා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද වේ.

ඔහු කලකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලක තනතුරකත් සේ

0 comment
0

Related Posts

Leave a Comment