Home දේශීය පුවත් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට සාකච්ඡා

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට සාකච්ඡා

by Hela news

විදේශ ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහත්වරුන් අතර පැවැති සුහද හමුවකදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇත.

බොහෝ අංශ ඔස්සේ දෙන ඔස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහාය අගය කරන අතරම, මුහුදු මාර්ගයෙන් සිදුවන අවිධිමත් සංක්‍රමණය වැළැක්වීම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම, අධ්‍යාපනය, තාක්‍ෂණික හා වෘත්තීය පුහුණුව, ආර්ථික හා ආයෝජන අංශවල සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සහ උනන්දුව පිළිබඳව විදේශ ඇමැතිවරයා විශේෂයෙන් අවධාරණය කළ අතර, ඕස්ට්‍රේලියාව විසින්ද එය අන්‍යෝන්‍ය වශයෙන් අවධාරණය කෙරිණි.

විදේශ ඇමැතිවරයාගේ පත්වීම පිළිබඳව මහ කොමසාරිස් හෝලි මහතා ප්‍රශංසාව පළ කළ අතර, සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සූදානමින් පසුවන බව අවධාරණය කළේය.

ඉන්දියන් සාගරයේ අසල්වැසියන් වන බැවින්, අනාගත සාගර ව්‍යසනයන් වැළැක්වීම සහ හවුලේ උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාතික හා කලාපීය සංසදයන්හි සහයෝගීතාව ඇතුළු සමුද්‍ර ක්ෂේත්‍රය තුළ සමීප සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වය හඳුනා ගත්හ.

2022 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම පිළිබඳ 75 වැනි සංවත්සරය හවුලේ සැමරීම සඳහා විදේශ ඇමැතිවරයා සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ද එකඟ වූහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහභාගී වූහ.

0 comment
0

Related Posts

Leave a Comment