ශ්‍රී ලංකාවේ මානව හිමිකම්: එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ අලුත් යෝජනාවක් අපේක්ෂාවෙන්

0
323


  • අන්බරසන් එතිරාජන්
  • බීබීසී පුවත්

Tamils, Muslims and Christians held a major rally for rights this month, marching from the east to the north

ඡායාරූප ශීර්ෂ වැකිය,

නැගෙනහිර සිට උතුරට පාගමනේ යමින් සිය අයිතීන් වෙනුවෙන් දෙමළ, මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාව මේ මාසයේ රැළියකට එක්වූහ

මානව හිමිකම් අපයෝජනයට ලක් කළවුන් පිළිබඳ වගවීම දැරීම හා වසර 26ක සිවිල් යුද්ධයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලන එක්සත් ජාතීන්ගේ නව යෝජනාවකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ.

බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් විසින් අදාළ යෝජනාවේ කෙටුම්පත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට බෙදාහරිනු ලැබ ඇත.

සඳුදා (පෙබ. 22) ආරම්භ වී සති හතරක් පුරා දිවෙන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර වසන්ත සමයේ සැසිය අවසානයේදී එය සම්මත කර ගැනීමට අපේක්ෂිතය.

අවම තරමින් මිනිසුන් 100,000 ට පමණ දිවි අහිමි කෙරුණු යුද්ධය තුළදී, කෲරකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවන්ට මෙන්ම දෙමළ කැරලිකරුවන්ට ද චෝදනා එල්ලවිණි.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here