Home කාලීන පුවත් ශ්‍රී ලංකාවෙන් වකුගඩු රෝගය තුරන් කිරීමට ගතයුතු පියවර

ශ්‍රී ලංකාවෙන් වකුගඩු රෝගය තුරන් කිරීමට ගතයුතු පියවර

by Hela news

රසායන පොහොර ඉල්ලන අය වකුගඩුවකුත් ඉල්ලන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 23 වැනිදා උඩුබද්ධාව ප‍්‍රදේශයේ පිහිටි කාබනික පොහොර නිපදවන ගොවිපොළක සංචාරයක නිරත වෙමින් පැවසීය.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයේ එක් අරුතක් වන්නේ රසායනික පොහොර භාවිතය මගින් ලබාගන්නා කෘෂි ආහාර භෝග පරිභෝජනය වකුගඩු රෝග ඇතිවීමට බලපාන බවයි. ඒ අතර පසට අධික ලෙස රසායනික පොහොර එක් කරද්දී ඒවායේ තිබෙන විෂ රසායන හා බැර ලෝහ වර්ගද භූගත ජලයට එක්වීම නිසා එම ජලය පරිභෝජනය කරන අයට ද වකුගඩු රෝග ඇතිවන බවද ප‍්‍රකාශයේ විය.

එය ද සත්‍යයකි. වකුගඩු රෝග ඇතිවීම සඳහා බලපාන ප‍්‍රධාන සාධක අතරට කෘෂිරසායන ද්‍රව්‍යවල අඩංගු අධික විෂ රසායන ද්‍රව්‍ය ද එක්ව තිබේ.

ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ ඉතිහාසය ගත්විට වසංගත රෝග පාලන අංශයේ වාර්තා අනුව දැනට වසර විස්සක පමණ කාලයක සිට මෙරටින් වාර්තාවන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන්නට පටන් ගෙන ඇත.

ඒ අනුව 2017 වසර වන විට මෙරට රෝහල් ගතව මියයන රෝගීන් අතර 6 වැනි ස්ථානයට වකුගඩු ආසාදිත රෝගීන් පත්ව තිබේ.

මෙය 2012 වසරේදී පැවැතියේ 08 වැනි ස්ථානයේය.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මෙසේ තිබුණත් මහා පරිමාණ වශයෙන් ලෝකය ගැන සලකා බලන විට වකුගඩු රෝග ඇතිවීමට බලපාන ප‍්‍රධාන කරුණු අතර අංක එකට නම් කර ඇත්තේ දියවැඩියා රෝගයයි. මේ වන විට ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 44 (44%) දියැවැඩියා රෝගයට ගොදුරුව සිටිති.

ඉන් සියයට 54.2ක් (54.2%) වයස අවුරුදු 40 ඉක්මවූවන්ය.

දෙවන ප‍්‍රධාන හේතුව අධිරුධිර පීඩනයයි.

මෙරට ජනගහනයෙන් සියයට 17ක් (17%) අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත.

ඉන් සියයට 19.6ක් (19.6%) වයස අවුරුදු 40 ඉක්මවූවන්ය.

තෙවන ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මුත‍්‍රා මාර්ග අවහිරතාවයන්ය. මෙරට ජනගහනයෙන් සියයට 5.5ක් (5.5%) මුත‍්‍රාමාර්ග අවහිරතා රෝගවලින් පෙළෙන බව වාර්තාවේ. ඉන් සියයට 5.2ක් (5.2%) වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ය.

වකුගඩු අක‍්‍රිය වීමට බලපාන ප‍්‍රධාන හේතුව වී ඇත්තේ දිගු කාලීන වකුගඩු ආබාධය (ජයදරදබසජ නසාබැහ ාසිැ්ිැ) මේ සඳහා බලපාන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, පවුලේ සමීපතමයින්ට දියවැඩියාව, අධිරුධිර පීඩනය පැවතීම නිසා ආරෙට යෑමය.

ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් බහුතරයකට ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ නිසි ලෙස දියවැඩියාව පාලනය නොකිරීම, දිගුකාලයක් අධි රුධිර පීඩනයෙන් පෙළීම, මැදිවියට පත්වන විට ඇතිවන මුත‍්‍රා ආසාදන සහ මුත‍්‍රා මාර්ගයේ අවහිරතා ආදියයි.

ඊට අමතරව විවිධ රසායන ද්‍රව්‍ය මිශ‍්‍ර ජලය පානය, සහ අධික විෂ සහිත ආහාර වර්ග දිනපතා අනුභව කිරීමය.

අධික විෂ සහිත රසායන ද්‍රව්‍ය කෘෂි භෝග සඳහා භාවිතා කරන දකුණු ආසියාවේ රටවල් අතර පළමු තැන හිමිව ඇත්තේ ශ‍්‍රී ලංකාවටය.

දෙවන තැන බංගලාදේශයද තෙවන තැන පකිස්තානයද සිව් වැනි තැන ඉන්දියාවද පස්වන තැන භූතානය සහ හයවන තැන නේපාලයට හිමිව ඇත.

ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් බහුතරයක් හමුවන්නේ කොළඹ ගම්පහ සහ කළුතර යන බස්නාහිර පළාතට අයත් දිස්ත‍්‍රික්කවලිනි.

ජන ගනත්වය අනුව වැඩිම ජනගහනයක් සිටින්නේ බස්නාහිර පළාතේය. ඒ අනුව වැඩිම දියවැඩියා රෝගීන්, අධිරුධිර පීඩන රෝගීන්, හෘද රෝගීන් සහ මුත‍්‍රාමාර්ග ආසාදිත රෝගීන් සිටින්නේද බස්නාහිර පළාතේය.

රසායන පොහොර භාවිතය නිසා වකුගඩු රෝගවලට ගොදුරු වූ බවට සැක කරන පුද්ගලයින් බහුතරයක් හමුව ඇත්තේ අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කවලිනි.

මොවුනට වකුගඩු රෝග ඇතිවීමට බලපා ඇති ප‍්‍රධාන කරුණ නිශ්චිතවම හඳුනාගෙන නැත. එනිසා හඳුනා නොගත් හේතු සහිත දිගු කාලීන වකුගඩු රෝගීන් ලෙස මොවුන් හඳුන්වනු ලැබේ.

දැනට ලොව පුරා වාර්තාවන වකුගඩු රෝගීන්ගෙන් බහුතරය වයස අවුරුදු 60 ඉක්මවූවන්ය.

ලෝක ජනගහනයෙන් සියයට 10ක් (10%) වකුගඩු රෝගවලින් පෙළෙති.

ඉන් ලක්‍ෂ 20කට වැඩි පිරිසක් දිනපතා රුධිර කාන්දුකරණය කරමින් හෝ වකුගඩුවක් බද්ධකර ජීවත් වන පුද්ගලයින්ය.

ලෝක ජනගහනයෙන් වයස අවුරුදු 65ත් 74ත් අතර පුද්ගලයින් අතර සිටින වකුගඩු රෝගීන් දෙස සලකා බැලූවිට පිරිමි පස් දෙනකුට එක් අයෙක් වකුගඩු රෝගවලින් (5:1) පෙළෙක බවත් කාන්තාවන් හතර දෙනකුගෙන් එක් අයෙක් වකුගඩු රෝගවලින් (4:1) පෙළෙන බවත් අනාවරණය වී ඇත.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 20ක් (20%) කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙති.

මොවුන්ගෙන් වකුගඩු රෝගවලට ගොදුරු වූවන් බහුලව හමුවී ඇත්තේ වියළි කලාපවල කෘෂිකර්මාන්තයේ නිරත වන පුද්ගලයින් අතරය.

තෙත් කලාපයේ සහ කඳුකර කලාපයේ කෘෂිකර්මාන්තයේ නිරත වන්නන් අතරින් හඳුනානොගත් හේතු මත වකුගඩු රෝගවලට ගොදුරු වූවන් හමු වී නැති තරම්ය.

එම ප‍්‍රදේශවලින් හමුවන වකුගඩු රෝගීන්ට ඒ සඳහා බලපා ඇති ප‍්‍රධාන සාධකය වී ඇත්තේ දිගුකාලීන දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, මුත‍්‍රා මාර්ගයේ අවහිරතා ඇදී බෝ නොවන රෝගය.

මේ අනුව අප රට තුළින් වකුගඩු රෝගය තුරන් කිරීමට නම් මෙවැනි බෝ නොවන රෝග නිසි ලෙස පාලනය කිරීමත්, අධික විෂ සහිත කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය පාලනයක් අත්‍යවශ්‍යය.

0 comment
0

Related Posts

Leave a Comment