Home ව්‍යාපාර පුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය IATA Travel Pass අත්හදා බැලීම අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය IATA Travel Pass අත්හදා බැලීම අරඹයි

by Hela news

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) තෝරාගත් අංශ වෙත IATA Travel Pass යෙදුම අත්හදාබැලීම 2021 ඔක්තෝබර් 01 දිනසිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ඩිජිටල් බලපත්‍ර ක්‍රියාත්මක කරනු ලබන දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ගුවන්සේවා අතරට ශ්‍රී ලංකන් ගුවන් සේවයද එක්වේ. ආසියාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රිය ගුවන්සේවය බවට පත්වීමේ ගුවන්සේවයේ දැක්මට අනුව මගී ගුවන් ගමන් ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තවත් ආරම්භයක් මෙමඟින් සනිටුහන් වනු ඇත.

IATA සංචාරකගමන්බලපත්රකයේවැඩිදියුණු කළ ඩිජිටල් සේවාව මඟින් පාරිභෝගික අත්දැකීමක් සඳහා පහසුවක් එක්කෙරේ.මගීන්ට ඔවුන්ගේ ඡායාරූපය, ගමන් බලපත්‍ර තොරතුරු සහ ගුවන් ගමන් විස්තර ඇතුළත්කර ඩිජිටල් හැඳුනුම්පතක් සාදාගත හැකිය.

මෙම නව්‍ය විසඳුම මගීන්ට ආරක්ෂිත සහපහසු සම්බන්ධතා ලබාදෙන අතර එමඟින් පාරිභෝගිකයින්ට ශ්‍රීලංකන් ගුවන්සේවයේ බාධාවකින් තොරව සංචාරක අත්දැකීමක් ද ලබාදේ. IATA Travel Pass යෙදුම ඇපල්හි iOS සහ ඇන්ඩ්රොකයිඩ් මෙහෙයුම් පද්ධති වලින් බාගත කළහැකිය.

0 comment
0

Related Posts

Leave a Comment