Home විදෙස් පුවත් ශ්‍රී ලංකන් ගුවන් සේව­යෙන් සම්මා­න­ලාභී අලෙ­වි­ක­රණ ව්‍යාපා­ර­යක්

ශ්‍රී ලංකන් ගුවන් සේව­යෙන් සම්මා­න­ලාභී අලෙ­වි­ක­රණ ව්‍යාපා­ර­යක්

by Hela news

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ අලෙවිකරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ‘Next Door Neighbor’ යනුවෙන් නම් කර ඇති මෙය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ෂනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගිය වසරේ 2020 PATA සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලෙවි කරණ ව්‍යාපාරය යටතේ ඉදිරිපත් කළ Next Door Neighbor සහ Serendipity Next Door යන අලෙවි කරණ ව්‍යාපාරයට ‘අලෙවිකරණ වාහකයා’ (‘Marketing Carrier’) තේමාව යටතේ මෙම රන් සම්මානය හිමිවිය. මේ වන විට සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්ධන එන්නත් ලබා ගෙන ඇති සංචාරකයින්ට නිරෝධායනය සහ පැමිණීමේදී විශේෂ පරීක්ෂාවකින් තොරව ඔවුන්ගේ අපේක්ෂිත ගමනාන්ත වල අත්දැකීම් ලබාගැනීමට හැකියාව පවතියි. ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ රෙගුලාසි ලිහිල් කර ඇති මොහොතක ගුවන් සමාගම ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රචාරණයක් මෙලෙස නැවත ආරම්භ කර තිබේ. වර්තමානයේදී, ඉන්දියාවේ පුරවැසියන්ගෙන් මිලියන 279 ක් ඒනම් මුළු ජනගහනයෙන් 20% කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් ලබා සිටින අතර එමඟින් ජාත්‍යන්තර සංචාර සඳහා නැවත පිබිදීමක් ඇති වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment