ශ්‍රි ලංකා ක්‍රිකට් පිල ලබන මස 15 වැනිදා එංගලන්තයට

0
206

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින හා ඕවර් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ලබන මස 15 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි.

පළමුව පුහුණු එක්දින තරගයක් ලබන මස 18 වැනිදා පැවැත්වෙන්නේ කෙන්ට් කණ්ඩායම සමගයි. අනතුරුව ජුනි 20 වැනිදා සසෙක්ස් කණඩායම සමග ඕවර් විස්සයි විස්ස පුහුණු තරගයක් පැවැත්වේ.

ඕවර් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනකින් යුක්තය. ජුනි 23, 24 සහ 26 දිනවල එම තරග පැවැත්වේ . කාඩිෆ්හී පැවැත්වෙන මුල් තරග දෙක ශ්‍රි ලංකා වෙලාවෙන් රාත්‍රි 10.30 ට ඇරඹෙයි. තුන්වැනි තරගය සදර්ම්ටන්හිදි පැවැත්වෙන්නේ ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 07.00 සිටයි.

අනතුරුව එක්දින තරගාවලිය ජුනි 29 ජුලි 01 සහ ජුලි 04 පැවැත්වෙ. එහිදී පළමු හා තුන්වන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 03.30 ට ඇරඹෙන අතර දෙවන එක්දින තරගය ඇරඹෙන්නේ පස්වරු 05.30 යි.
====

කැරිබියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිඩකයින් තිදෙනෙකුට අවස්ථාව ලැබී තිබේ. ඊට එක්වු නවතම ක්‍රිඩකයා වන්නේ වනිදු හසරංගයි. ඔහු සෙන් කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියර්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන තිබේ. ක්‍රිස් ගේල් සහ ඩ‘වෙන් බ්‍රාවෝ නියෝජනය කරන්නේ ද එම කණ්ඩායමයි. ඔහුට අමතරව ඉසුරු උදාන ට්‍රින්බාගෝ නයිට්‍රයිඩර්ස් කණ්ඩායමත්, තිසර පෙරේරා බාබඩෝර්ස් ට්‍රයිඩන්ස් කණ්ඩායමත් නියෝජනය කරති.

තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වේ. සියලු තරග සෙන් කිට්ස්හිදි පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here