Home Uncategorized වොලිබෝල් ඉතිහාසය ගැන පොතක්

වොලිබෝල් ඉතිහාසය ගැන පොතක්

by Hela news

වසර 1954 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රිඩා ඉතිහාසය පිළිබඳව සුසිල් රණසිංහ මහතා රචිත ‘වොලිබෝල් ලෙජන්ඩ්ස් සිලොන් ටු ශ්‍රී ලංකා’ ග්‍රන්ථය එළිදැක්වීම පෙරේදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී සිදු විණි. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ එළිදැක්වීම සිදු වූ අතර, මේ අවස්ථාවට කියුබානු තානාපති ඇන්ඩෘ මාර්සෙලෝ මහතා සමඟ වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපතිවරු වන ඩිලාන් පෙරේරා හා රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් ක්‍රීඩකයා වන 98 වියැති පියරත්න වීරසිංහ මහතාට හා 85 වියැති ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකා බියට්‍රිස් චන්ද්‍රලතා මහත්මියට උපහාර පිදීමක් ද සිදු විය.

0 comment
0

Related Posts

Leave a Comment