Home දේශීය පුවත් වීරකැටිය ඝාතනයේ සැකකරුවන් පොලීසියට කොටුවෙයි.

වීරකැටිය ඝාතනයේ සැකකරුවන් පොලීසියට කොටුවෙයි.

by Hela news

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙක් ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වීරකැටිය පොලීසිය විසින් පසුගිය 27 වනදා එම සැකකරුවන්ව මහජ්ජාව සහ කුඹක්ගොඩආර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් දෙදෙනා පසුගිය 20 වනදා වීරකැටිය පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා, කපාකොටා ඝානය කිරීමේ සිද්ධියකට අවශ්‍යකර සිටි අය බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 29ක් වූ දෙබොක්කාව නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත දෙබොක්කාව ප්‍රදේශයේ සඟවා තිබී විදේශ රට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මනුෂ්‍ය ඝාතනය සිදුකළ අවස්ථාවේදී සැකකරු විසින් ඇඳසිටි බවට සැක කෙරෙන ලේ තැවරුණු අත්කොට කමිසයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මීට අමතරව අදාළ අපරාධය සිදුකිරීමට පැමිණි යතුරුපැදියක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අනෙක් සැකකරු වයස අවුරුදු 33ක් වූ කාවන්තිස්සපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම අපරාධය සඳහා උපයෝගි කරගන්නා ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 ජීව පතොරම් 01ක් දෙබොක්කාව තේක්කවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන ඇත.

සැකකරුවන් ඊයේ වලස්මුලල් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන ඇති අතර වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comment
0

Related Posts

Leave a Comment