Home දේශීය පුවත් වීරකැටියේ මනුෂ්‍ය ඝාතනයක්.

වීරකැටියේ මනුෂ්‍ය ඝාතනයක්.

by Hela news

වීරකැටිය, කැකුණයාය පොළ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අද අලුයම් කාලයේදී එම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 36 හැවිරිදි වෑකඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය සම්බන්ධයෙන් වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබේ.

අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්ය.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරකැටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment