Home උණුසුම් පුවත් විස්කි බිබී වැඩ කළා කිවුවට මම අමද්‍යපයි – හිටපු ජනාධිපති

විස්කි බිබී වැඩ කළා කිවුවට මම අමද්‍යපයි – හිටපු ජනාධිපති

by Hela news

ගෙවල් 3ක් යා කර සෑදූ නිවෙසක ඉන්නවා කියා ඔප්පු කළොත් මන්ත්‍රීකමින් යනවා

ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක තමන් සිටින බවට පරීක්ෂණයක් කර ඔප්පු කළහොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාගේ ඒ ප්‍රකාශය ගැන තමා කනගාටු වන බව කථානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමින් සිරිසේන මහතා කියා සිටියේය.

තමාට මේ නිවෙස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුන් බවත් ඔහු පැවසුවේය.

තමා විස්කි බිබී කළැයි කියන සාකච්ඡාවක් ගැනද ඔහු සඳහන් කර තිබූ බවත් තමා මත්පැන් සිගරට් බොන අයකු නොවේ යැයි තමා සිහිපත් කර දෙන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

යම් මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමේදී ඉතා වගකීම් සහගත ලෙස එය ප්‍රකාශ කරන ලෙසත් තමන් සම්බන්ධයෙන් කළ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

පසුගිය අඟහරුවාදා මේ සභාවේදී මගේ මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මගේ නම සඳහන් කරමින් කළ කාරණා දෙකක් සම්බන්ධයෙන් නිවැරැදි කිරීම සඳහායි මා මේ අවස්ථාව යොදා ගත්තේ. මම ජනාධිපතිවරයාව සිටි කාල සීමාව තුළ ආණ්ඩුවේ ඇමැතිවරු සමඟ විස්කි බිබී වැඩ කළා යැයි කියා තිබුණා. මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ සෑම කෙනෙක්ම දන්නවා මම සිගරට්, අරක්කු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජාතික මර්දන වැඩසටහනක් ගෙන ගිය කෙනෙක් කියලා. ඊයෙත්, අදත් හෙටත් එහෙමයි. ඒ නිසා ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි.

0 comment
0

Related Posts

Leave a Comment