Home උණුසුම් පුවත් විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

by Hela news

රක්ෂිත බන්ධනගාරගතව සිට පැමිණි තැනැත්තෙකු බවට හෙළි වෙයි

මන්නාරම පොලීසියට ලද තොරතුරකට අනුව පේසාල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී ඊයේ දින (09) නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථවේදී සැකකරු සන්තකයෙහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750කට අධික තොගයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි අයෙකු වන අතර, මෑතකට පෙර විෂ මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ රක්ෂිත බන්ධනගාරගතව සිට පැමිණි තැනැත්තෙකු බවට හෙළි වී ඇත.

සැකකරු අද (10) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comment
0

Related Posts

Leave a Comment